පසුගිය දිනවල මොනම හේතුවක් නිසාවත් බූලිවලට ඉන්ධන නිකුත් කිරීම තහනම් කර තිබූ අතර නිතර නිතර ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මාධ්‍ය මගින් සිදුකෙරිණි. ඒ අනුව ගොවිතැනට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා යන්ත්‍ර සූත්‍ර ගෙනයාමට නොහැකි බව පවසමින් ජනතාව වීදි බැසීම සිදු වූ අතර ඇතැමුන් යතුරුපැදියේ සහ වාහනයේ ටැංකිය පවා ගලවා ගෙන ගියේය.
මේ අල්ල පනල්ලේ දකුණේ පිටිසර බද ප්‍රදේශයක වයසක කාන්තාවක් මුණුපුරාගේ උපදෙස් මත භූමිතෙල් ලබාගැනීමට නිවසේ තිබූ කුප්පි ලාම්පු එකතු කරගෙන පන් මල්ලක දමාගෙන වෙළෙඳ සැල වෙත ගෙන ගිය පුවතක් දකුණේ පිටිසර ගමකින් වාර්තාවේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
වයස 70 ක් පමණ වූ කාන්තාවක් සිය පුතා සමග විදුලිය නොමැති කටුමැටි ගැසූ නිවසක ජීවත් වූ අතර පසුගිය දිනවල හදිසි කටයුත්තක් සඳහා පුතාට නිවසෙන් බැහැරව ගොස් සිටීමට සිදු වූ බැවින් මෙම කාන්තාව පමණක් නිවසේ රැඳී සිටි අතර භූමිතෙල් නොමැතිව දින කිහිපයක් කලුවරේ සිටීමට පවා සිදුවිය.
කෙසේ වුවද දිනක් තම මුණුබුරා නිවසට පැමිණි විට ඔහුට තම දුක් ගැනවිල්ල පැවසූ මෙම කාන්තාව ගමේ කෙළවරක තිබූ වෙළෙඳ සලෙන් භූමිතෙල් බෝතලයක් ගෙනැවිත් දෙන ලෙස ඉල්ලා සිටියාය.
එය ඉටු කර දීමට කම්මැලි සිතූ කොලූවා අනේ ආච්චියේ දැන් බෝතල්වලට තෙල් දෙන්නෙ නෑ. නීති සැරයි. බෝතල්වලට මේවා දෙන්න තහනම්. අහු වුනොත් මටත් හිරේ යන්න වෙයි. ඒ නිසා මට නම් බෑ. ආච්චියේ යි පැවසුවේය.
එවිට ආච්චි විමසුවේ අනේ පුතේ, එතකොට භූමිතෙල් ගන්නේ කොහොමද කියාය.
එවිට ඔහු කීවේ ලාම්පුතෙල් ලබා ගැනීමට නම් කුප්පි ලාම්පු රැගෙන යා යුතු බවයි.
එය විස්තර ඇතිව මුණුබුරාගෙන් දැනගත් මේ කාන්තාව රජයට දොස් පවරමින් නිවසේ තිබූ පැරණි චිමිනි ලාම්පු දෙකක ගෙඩි සහ කුප්පි ලාම්පු හත අටක් එකතු කරගෙන පන් මල්ලක දමාගෙන වෙළෙඳසැලට පියමැන්නේ තෙල් ලබා ගැනීමේ ක්‍රමය හෝ පෙන්වා දුන් මුණුබුරාට පිං දෙමිනි.
මේ අරුමය දුටු මුදලාලි පුදුමයෙන් පැවසූවේ තමා පැරැණි බඩු මිලදී නොගන්නා බවය.
පසුව සිද්ධිය දැනගත් මුදලාලි සිනාසී මුණුබුරාගේ ලනුවක් කෑවා නේදැයි පවසා වෙළෙඳසැලේ තිබූ බෝතලයකට භූමි තෙල් බෝතලයක් ලබා දුන්නේය.
මුදලාලිට පිං දී පිපිරෙමින් නිවසට පැමිණි ආච්චි මුණුබුරාට පැමිණෙන ලෙස පණිවිඩයක් යැව්වේ හැරමිටියද සූදානම් කර තබමිනි.
රජ්ගම විශේෂ
ධර්මදාස සිරිවර්ධන
2025 නොවැම්බර් මස 04
67
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආච්චි අම්මා භූමිතෙල් ගේන්න කුප්පි ලාම්පු අරන් ගිහින්