IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


අසුලාගත් මුදල් පසුම්බියෙන් වන්දනා නඩයට දන්සලක් දීලා

දකුණු පළාතේ ප‍්‍රකට දේවාලයක වාර්ෂික පෙරහර පැවැත්වෙන උත්සවයට පසුගිය දා ඔහු ගියේ වන්දනා නඩයක්ද සමගය. අන් අයට කලින් ම පූජා වට්ටි කඩයකට ගිය ඔහු පූජා වට්ටියක් මිලට ගත්තේ සිය මුදල් පැකට්ටුවෙන් රුපියල් හාරසියයක් රැගෙන ය. අනතුරුව දේවාලයට ගිය ඔහුට දැනුණේ සිය මුදල් පසුම්බිය සාක්කුවේ නැති බවය. “මගේ පර්ස් එකට ගහලා” බිරියට පමණක් කී ඔහු අධික ලජ්ජාව නිසා අන් අයට නොකියන ලෙසට ද කීය. එහි රුපියල් අටදහසක් තිබිණි. ආපසු එන ගමනේදී වන්දනා නඩයේ සිටි අයකු හැම දෙනාටම විශේෂ තේ පැන් සංග‍්‍රහයක් කිරීමට ප‍්‍රධාන පෙළේ හෝටලයක් ළඟ වාහනය නැවැත්වීය. සංග‍්‍රහයෙන් පසු ඔහු කීවේ අපූරු කථාවකි. ”මම පූජා වට්ටියක් ගන්න ගියාම පුංචි දරුවෙක් පෙන්නුවා බිම වැටිල තිබුණ පර්ස් එකක්. ඒකෙ කාගෙවත් හැඳුනුම්පතක් තිබුණේ නැහැ. සල්ලි රුපියල් අටදාස් දෙසීයක් තිබුණා. අයිතිකාරයා හොයන්න බැරි නිසා මම සාක්කුවේ දාගත්තා. මේ සංග‍්‍රහය ඒකෙන්” කියා මුදල් පැකට්ටුව පෙන්වූ විට එහි හිමිකරුට දෙවියන් සිහිවුණා ලූ.



අදහස් (0)

අසුලාගත් මුදල් පසුම්බියෙන් වන්දනා නඩයට දන්සලක් දීලා

ශාන් Saturday, 18 August 2012 07:05 AM

මෙයා සල්ලි වියදම් කරාට පිනක් ලැබෙන්නේ නෑ .(ස)

:       0       0

අසංක Monday, 20 August 2012 03:32 PM

ලැජ්ජාවට ජාති ජාතිත් පිං..(ස)

:       0       0

අමිල කටුනායක Thursday, 16 August 2012 09:46 PM

දෙයියෝ තමයි දන්නේ හරි විස්තරේ. (නි)

:       0       0

නදීෂා කල්හාරි ජයසුන්දර Monday, 27 August 2012 09:11 PM

මාර පින් තමයි කරන්නේ (අ)

:       0       0

සරත් Thursday, 16 August 2012 10:20 AM

කමක් නෑ දෙන්නටම පින් නේ... (ස)

:       0       0

සේනානායක Thursday, 16 August 2012 04:02 PM

ඔය ඇත්තමද ? (ස)

:       0       0

වරුණ Thursday, 16 August 2012 10:49 AM

ඕක තමයි කියන්නේ පර්ස් එකේ නමයි ලිපිනයයි ලියලා කොලකෑල්ලක් දාලා තියාගන්න කියලා.. (ස)

:       0       0

ලලිත් Thursday, 16 August 2012 11:13 AM

පින පොකට්ටුවේ..... (ස)

:       0       0

සහන් Tuesday, 21 August 2012 06:10 AM

කමක් නැහැ. පින් අතේ වැඩක්නේ කරලා තියෙන්නේ. (නි)

:       0       0

හරීන් Wednesday, 29 August 2012 07:33 AM

හිත හොද මනුස්සයෙක්. (නි)

:       0       0

අසේල Friday, 17 August 2012 03:08 AM

මෙහෙමත් පින් කරන මිනිස්සු? (නි)

:       0       0

දයා සෞදි Thursday, 16 August 2012 12:32 PM

දෙන්නගෙම හිත් හොදයි.. පිනත් සම සේ බෙදිලා එයි වෙලාවට.. (නු)

:       0       0

වෙනුර Thursday, 16 August 2012 12:34 PM

ඉතිං ඒ මනුස්සයාට තිබුණනේ ඒක බස් එකේ හිටපු අයගෙන් අහන්න..?? හොර හිතනේ..(නු)

:       0       0

ප්‍රවීන් මැනිලා Thursday, 16 August 2012 12:39 PM

ඔන්න.. ඔන්න.. නැති උනානම් ලැජ්ජාවෙ අනිත් අයට නොකීවට කමක් නැහැ.. පසුමිබිය නැතිවුනාම මොකටද ලැජ්ජා වෙන්නේ.. ඕක අනිත් අයට කියන්න...!!හරිම අඥානයි..!!(නු)

:       0       0

ගාල්ලගේ Friday, 17 August 2012 07:40 AM

වෙනුර, ඇයි ඉතින් ඕක නැති වුණා කියන්න ලජ්ජා වෙන්නේ? එයාගේ ලැජ්ජාව ට වන්දිය ගෙවලා. අහුලපු මිනිහගේ හිත කියවන්න මට බැහැ. නමුත් ඔහු ඇත්ත කියලා තිබෙනවා . (නි).

:       0       0

කපිල Friday, 17 August 2012 10:37 PM

පින දෙන්නටම බෙදිලා යනවා. (නි)

:       0       0

සේනානායක Thursday, 16 August 2012 12:59 PM

පසුම්බිය නැති වුණාම අධික ලැජ්ජාවට පත්වෙන්නේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නෑ. (නු)

:       0       0

සජී Thursday, 16 August 2012 01:04 PM

අනේ අපොයි ලැජ්ජා වෙන්න ඕන දේවල් වලට නෙමෙයි මේ අය ලැජ්ජා වෙන්නේ.. වන්දනාවෙ ගියාට හොර හිත නම් නැති වෙලා නැහැ..!!(නු)

:       0       0

ඩැනියල් Saturday, 18 August 2012 08:19 PM

දැං ඉතිං කරන්න දෙයක් නැහැ.. එ් වෙලාවෙ පොඩ්ඩක් නඩේට කියලා තිබුණනම් ඉවරයිනේ...!!(නු)

:       0       0

හර්ෂ Friday, 17 August 2012 09:17 AM

මේක ඇත්තක්ද ??(ස)

:       0       0

දාස Saturday, 18 August 2012 08:19 PM

පුදුම ලැජ්ජාවක්නෙ..!!(නු)

:       0       0

ශාන් Saturday, 18 August 2012 06:17 AM

හොරු එක්ක වන්දනාගමන් ගියහම ඔහොම වෙනවා..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1027 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1061 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site