IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අවේලාවේ ගරු සත්කාර ඉල්ලූ දේව මාතාවට සැමියා පහර දීලා

(මොරගොල්ලාගම සිසිර කැලේගම)
අපලයකට ශාන්තියක් කර ගැනීමට දේවාලයකට ගිය නිවෙස් හිමියකු එහි වූ ග්‍රහ මාරුව දැක කලකිරීමට පත්ව තමන් ඒ සඳහා වැය කළ අත්තිකාරම පොලිසියේ සහායෙන් ආපසු ඉල්ලා සිටීමේ සිද්ධියක් යාපහු පුරවරයෙන් අසන්නට ලැබුණි.


අනාවරණය වන ආකාරයට සිද්ධිය මෙසේය.


බිරිය හා දරුවන් තිදෙනෙකු සමඟ වාසය කරන විවාහක සැමියා දෙවියන් කෙරෙහි විශ්වාසයකින් සිටින්නෙකි.


දරුවන් රෝගීවන්නේ අපලය නිසා යැයි ඔහු තදින්ම විශ්වාස කළේ ය. ඒ සඳහා සාස්තර කියන දේවාල කරා යාම ඔහුගේ සිරිත විය. අවට වැසියන් කියන කියන තැනට ගොස් සාස්තර ඇසීමටත්, යන්ත්‍ර මන්ත්‍ර කර ගැනීමටත් කටයුතු කළ අවස්ථා එමටය.


දිනක් මිතුරෙකු මාර්ගයෙන් ප්‍රදේශයේ පවතින විශ්වාසවන්ත දේවාලයකට ඔහු ගියේය.


“මිය ගිය ඥාතියකුගේ බැල්මක් නිසා තම පවුලේ අය රෝගීවන බවත්, මේ නිසා නිවසේ නිතර නිතර ආරවුල් පවතින බවත් ගෙහිමියා පැවැසූ අතර ඒ සඳහා ශාන්ති කර්මයක් කිරීමට අවැසි කටයුතු සියල්ල සූදානම් කෙරුණි.


ඒ සඳහා දේවාලයේ කපුවා අත්තිකාරම් ලබාගත්තේ නියමිත දිනට එය කරදීමේ අදිටනින් යුතුවය.


පවතින කොරෝනා ව්‍යසනය නිසා ශාන්තිය දිනෙන් දින පමා විය. කෙසේ වෙතත් එයට නියමිත දිනයද ළඟා වෙමින් තිබුණි.


එයට පෙර දින නිවෙස් හිමියා උදේම දේවාලයට ගියේ ජප කිරීමට අවැසි යන්ත්‍ර හා සුර ආදිය නිසි ලෙස සැකසීමට බාර දීම සඳහාය.


එදින කෙම්මුර දිනයක් වුවත් දේවාලයේ වැඩ නැත. දේව ආභරණ තැන තැන මිදුලේ විසිරී තිබුණි.


දේවාලයට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.


සිද්ධිය ගැන ඔහු සොයා බැලීය.


දේවාලයේ දෙවියා ලෙස ආරූඪ වන්නේ එම නිවසේ සැමියාගේ බිරියයි. දේව මාතාවට ආවතේව කරන්නේ සැමියාය.


දේවාරූඪය නැති අවස්ථාවලදී පවා තමන්ට මෙන් දෙවියන්ට සලකන ලෙස ඇය සැමියාට කියන්නීය.


එහෙත් සැමියා එසේ කිරීමට බැඳී නැත. මත් වතුර පානය කර සිටි සැමියා දේවාලයට පැමිණියේය. ඇය ඔහුට දොස් නැගුවාය.


“දෙවියන්ට ගරු කිරීම වෙනයි, බිරියට සැලකීම වෙනයි” කියමින් කෝපයට පත්ව ඔහු ඇයට පහර පිට පහර දුන්නේය.


දේවාලයටද, දේවාභරණවලට හානි සිදුවිය. පහර කෑමෙන් තුවාල ලැබූ ඇය රෝහල් ගත කෙරුණි.


සැමියා අත්අඩංගුවට ගැනීමට පසුදින උදේ පොලීසිය දේවාල බිමේ පිහිටි නිවහන කරා පැමිණියේය. දේව ශාන්තිය කර ගැනීමට සුර හා යන්ත්‍ර රැගෙන පැමිණි පුද්ගලයා දේවාලයේ අයට සමගියෙන් වාසය කරන්න බැරි නම් වෙන අයගේ අපල දුරුකර ගන්නේ කෙසේ දැයි කියා බොරු නොකරන මෙන් පවසා ශාන්තියට දුන් අත්තිකාරම් මුදල ආපසු ඉල්ලා සිටියේය.


එම මුදල නොගෙවන බව දේව මාතාවගේ සැමියා පැවසුවත් පොලීසිය මැදිහත්ව එම මුදල ඉල්ලා දුන් නිසා වංචනිකයින්ට බොරුවට ගෙවන්න ගිය රුපියල් පනස්දහසක පමණ මුදලක් ඉතිරිකර ගන්නට හැකි වූ බව පවසා ශාන්තිය නවතා දැම්මේය.

 



අදහස් (0)

අවේලාවේ ගරු සත්කාර ඉල්ලූ දේව මාතාවට සැමියා පහර දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 101 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 36 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site