IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


අවුරුදු පහකට කලින් මැරුණ පියකුගේ මළ ගෙදරක ගිහින්

අගනුවරට ආසන්න සරසවියක අවසන් වසරේ සිසුවකු වූ ඔහු පසුගියදා සිය සරසවි සගයින් ළඟට අඬාගෙන ආවේ විදුලි පුවතක්ද රැගෙනය.

එහි වූයේ සිය පියා මිය ගිය බවකි. දඹදෙණිය ප‍්‍රදේශයේ පදිංචි ඔහු ඉතා අමාරුවෙන් ජීවත් වන බව දත් සගයෝ වහාම අරමුදලක් පිහිටුවා රුපියල් පනස් දහසක මුදලක් එකතුකර ඔහුට දී ගමට යැව්වේ අනුකම්පාවෙනි.

පසුවදාම සරසවි සගයන්ද වෑන් රථයක් සූදානම් කරගෙන ඔහුගේ ලිපිනයෙන් ගෙදර සොයාගෙන ගියේ අවමඟුලට සහභාගි වීමටය.

අමාරුවෙන් නිවස සොයාගත් ඔවුන්ට දෙවියන් සිහිවූයේ පියා මිය ගොස් දැනට  වසර පහක් පමණ ගතවූ බව දැන ගැනීමෙනි. සිය සගයාද එහි නොවීය.

ඔහුගේ මව කිවේ පසුගිය දිනවල හිතුවක්කාර විවාහයක් කරගෙන දැනට බිරියට දරුවකු ලැබෙන්නට සිටින හෙයින් ඔහු නොඅනුමානවම එහි යන්නට ඇති බවය.
තොරතුරු විමසීමේදී ගමේ යහලූවකු ඔහුගේ අනු දැනුම මත විදුලි පුවත එවා ඇති බවද අනාවරණය වුණාලූ.



අදහස් (0)

අවුරුදු පහකට කලින් මැරුණ පියකුගේ මළ ගෙදරක ගිහින්

නිලූ විදානගේ සෞදි අරාබිය Saturday, 21 December 2013 04:02 PM

ඇත්තම කිව්වනම් ඉවරනේ අවංක යාලුවෝ අනිවාර්යෙන්ම උදව් කරනවනේ.පව් කියල හිතෙනව වැඩේ වැරදි උනත්.නැති කමටමයි වෙන ලජ්ජාවවාත් නොතකා මේදේ කරන්න ඇත්තේ. (අ)

:       0       0

තිලිණ කුරුකුලසූරිය Friday, 27 December 2013 09:35 AM

මනුස්සයත් අසරණයෙක්නේ. (ස)

:       0       0

රසික විතාන Friday, 20 December 2013 09:24 AM

ඔයා මුලින්ම යන්න, අපි හෙට උදෙන්ම ඇවිත් උදව් කරන්නම් කියල ගෙදර යන්න කියන්න තිබුණේ.අනික මිතුරන්ගේ විස්තර අනෙක් මිතුරන් දැනගෙන ඉන්න ඕන නේද? (ස)

:       0       0

ටිකිරි Tuesday, 24 December 2013 03:42 AM

මොක උනත් හොඳ කෙනෙක්,දැන් කාලේ මිනිස්සු ගෑනුන්ට සලකන්නේ නැහැනේ.බොරු කියලා හරි දරුවා ලැබෙන්න හිටපු නෝනා බලන්න ගියා නම් හොඳම මහත්තයෙක්.කවද උනහම මොකෝ තාත්තත් මැරිලානේ.(අ)

:       0       0

වසන්ත Tuesday, 24 December 2013 09:17 AM

ඔය වගෙ අයද රට බාර ගන්න පිකටින් කරන්නෙ. දෙමාපියන්ගේ වරද. සමාජ සාරදර්ම දන්නේ නැහැ. (නදී)

:       0       0

වී ගුණවර්ධන Sunday, 22 December 2013 09:59 AM

රටේ අනාගතය කියලා කියනවා. ඔය අය කොහේ ගියත් ඔය වගේ වැඩ අනිවාර්යයෙන්ම කරනවා. (නදී)

:       0       0

දර්ශා Saturday, 21 December 2013 09:03 AM

දැන් විදුලි පණිවිඩ නැහැ නේද?? (අ)

:       0       0

සෙලිනා Friday, 20 December 2013 02:11 PM

මිට පස්සේ හොදට හොයල බලල උදව් කරන්න හිතට ගන්න මේ අපේ රට දැන් පවතින්නේ බොරුව වංචාවෙන් අහෝ ලක් බිමට ගිය කලක් (අ)

:       0       0

අචිර Sunday, 22 December 2013 09:43 PM

දැන් ලංකාවේ විදුලි පුවත් නැනේ (ත)

:       0       0

තීක්ෂණ Saturday, 21 December 2013 09:41 AM

වැඩි විස්වාසය, එතරම් හොඳ නෑ (අ)

:       0       0

ගුණවර්ධන Friday, 20 December 2013 03:27 PM

තුන්වන පන්තියේ අය. ඔය පෙළපාලි යන අයගෙන් එක්කනෙක් වෙන්න ඇති. (අ)

:       0       0

රසික ඩුබායි Thursday, 26 December 2013 05:09 PM

මෙයාලට හොද දඩුවම් දෙන්න ඕනි. මෙහෙම උනාම කෙනෙක්ව විශ්වාස කරලා අහිංසකයකුට උදව්වක්වත් කරන එකක් නෑ කවුරුත් (දිල්)

:       0       0

නිලූ Wednesday, 25 December 2013 08:35 PM

අලුත උපන් දරුවෙකුට දෙන්න පුළුවන් හොඳම තෑග්ග යාලුවෝ දීලා තියෙන්නේ.(නදී)

:       0       0

ආරියසේන Saturday, 21 December 2013 11:52 AM

කෙනෙක් මලා කියල විදුලු පුවතක් යවනවා නම් මරණ සහතිකය අනිවාර්‍ය කළ යුතුයි. මැරුණු පියාට වත් නිදහසක් නැහැ.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Saturday, 21 December 2013 12:15 PM

අන්න නියම නවක වදය. ආයේ ආවම ප්‍රති උත්තර දේවි නේද?(නදී)

:       0       0

සරත් Saturday, 21 December 2013 01:32 PM

නැති බැරිකමට කරපු දෙයක්.ඔය ගැන එතරම් අමනාප වෙන්න එපා.වැඩේ නම් කොහොම උනත් වැරදියි.(අ)

:       0       0

ශාන්ති Friday, 20 December 2013 06:42 PM

ඔයවගේ දේවල් දැන් හැමතැනකම සිදුවෙනවා නේ (අ)

:       0       0

අකිල Friday, 20 December 2013 07:10 PM

මේ වගේම තව කතාවක් දෙයියෝ සාක්කි වල තිබ්බ.(අ)

:       0       0

අසෝකා Friday, 20 December 2013 07:11 PM

මේවගේ කෙනෙක් දෙන්නෙක් කරන වංචාවන් නිසා ඇත්තටම අහිංසකයෙකුට මෙහෙම දෙයක් උනත් යාලුවෝ උදව් කරන්න මැලිවෙනවා. (අ)

:       0       0

දුෂාන් Sunday, 22 December 2013 03:20 PM

දැන් ලංකාවේ ටෙලි ග්‍රෑම් නෑනේ.... ? (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1217 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1196 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 438 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site