IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


අවුරුදු නිවාඩුවේදී රජයේ ඉඩමක නිවෙසක් හදන්න හදලා

පසුගිය අවුරුදු සමයේ එක දිගටම නිවාඩු දින පහක් තිබීම නිසා කාර්යාල වසා තිබීම ප‍්‍රයෝජනයට ගෙන දින පහෙන් රජයේ ඉඩමක අනවසර නිවසක් තනා එහි පදිංචි වීමට තැත් කළ පුද්ගලයකු පිළිබඳ අපූරු පුවතක් දකුණු පළාතේ උප නගරයකට ආසන්න ගමකින් වාර්තා වේ.

මේ තැනැත්තා නිවාඩුවට පෙර දින සවස ජේ.සී.බී. යන්ත‍්‍රයක් යොදාගෙන රජයේ ඉඩමක ගෙපළක් කැපීම නිසා අවට වාසීහු කලබලයට පත් වූහ. තමා හමුදා නිලධාරියකු බවත් රජයේ නියෝගයක් මත මෙය තමාට පැවරී ඇති බවත් කී මේ තැනැත්තා නිවාස තැනීමේ කටයුතු කඩිනමින් කරගෙන ගියත් මේ ආරංචිය ලද පොලිසිය වටපිටාවෙන් තොරතුරු සොයාබලා මේ කටයුත්ත නිවාඩුව අවසන් වනතුරු නතර කළේ අමාරුවෙනි.

නිවාඩුව අවසානයේ කාර්යාල මට්ටමින් කරන ලද විමසීමකදී මේ පුද්ගලයා කියා ඇත්තේ අමූලික බොරු බවත් දින පහෙන් නිවෙස තනා පදිංචිවීමට සැලැස්මක් තිබූ බවත් අනාවරණය වුණාලූ.



අදහස් (0)

අවුරුදු නිවාඩුවේදී රජයේ ඉඩමක නිවෙසක් හදන්න හදලා

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 28 April 2014 07:16 PM

මේක මේ මනුස්සයාම තනිව ගත්ත තීරණයක් වෙන්න බෑ.එක්කෝ ඉහලින් කෙනෙකුගේ මැදිහත් වීමක් මත කරපු දෙයක්.නැතිනම් රටේ වෙන දේවල් අදර්ශයට කරපු දෙයක්. (ත)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 29 April 2014 09:59 AM

ඔව් ශාන්ති,එක දැන් රෑල්ලට කරන දෙයක් වෙලා. (දී)

:       0       0

හේවාවිතාරණ Thursday, 01 May 2014 03:16 AM

කල දුටු කල වළ ඉහගන්! (නි)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Monday, 28 April 2014 08:16 PM

මඩකලපුවේ බලෙන් ඉඩම් අල්ලන් ගෙවල් හදලා. ඒවා හොඳද? (ත)

:       0       0

ශාන්ති Tuesday, 29 April 2014 11:50 AM

ඔව් නිලූ, මගෙත් ඉඩමක තාවකාලිකව අසරණ පවුලකට ඉන්න දුන්නා. පසුව ඒ අයව ඉන් ඉවත් කරන්න මගේ දුවට පොලිසිත් යන්න වුණා. මගේ දුව ජිවිතේ පළමු වතාවට තමයි එදා පොලිසියකට ගියේ (නි)

:       0       0

සේකර Monday, 28 April 2014 11:15 PM

දෙයියෝ සාක්කි! (නි)

:       0       0

සුබේ Monday, 28 April 2014 03:24 PM

ඉතින් මොකද.. විල්පත්තුවේ ඔය ඕන තරම් ගෙවල් හැදිලා තියෙන්නේ. (ත)

:       0       0

ශාන්ති Tuesday, 29 April 2014 01:49 AM

දැන් වැඩි පුරම ගෙවල් හදන්නේ බලෙන්ම ඉඩම් අල්ලාගෙන නේද (දී)

:       0       0

ලයනල් Tuesday, 29 April 2014 03:16 AM

මිනිස්සු මොනවාද මේ කරන අත්තනෝමතික වැඩ (දී)

:       0       0

කුමාරි Monday, 28 April 2014 05:24 PM

වැඩියෙන් වැඩ කරන්නේ රජයේ පිරිස් ද? (ත)

:       0       0

චන්දිමා Monday, 28 April 2014 10:50 AM

බවලත් උදවියගේ අදහස් පරක්කුයි වගේ. (ස)

:       0       0

චමින්ද Monday, 28 April 2014 06:35 PM

අනේ ඉතින් ඕක මොකක්ද? දැන් කාලේ අනවසර ගෙවල් කීයක් නම් රක්ෂිත වල තියෙනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1209 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 442 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site