තිහගොඩ උපසේන ලියනගම
පොල්කටු සෙල්ලමක් පාදක කොටගත් අසම්මත පෙම් පලහිලව්වක් කපුටකු නිසා විනාශ මුඛයට යාමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ සත්වෝද්‍යානයක් නිසා ප්‍රකට වූ ප්‍රදේශයකිනි.
මෙහි එකට ආසන්න නිවාස වෙන්වූයේ තාප්පයකිනි. තාප්පය පිටුපස නිවාස දෙක යා කෙරෙන කුඩා ගේට්ටුවක් වුවද නිවාස දෙක අතර වූ සබඳතාව බිඳවැටීමත් සමග ඊට යතුරු වැටිණ.
එහෙත් මෙහා නිවසේ සිටි මෙහෙකාර තරුණිය එහා නිවසේ වූ කොලු ගැටයකු සමග සිනාවෙන් කතාවෙන් හිත මිතුරුවී රහස් කතාබහ කෙරුණේ මේ ගේට්ටුව අතරිණි.
පසුව මෙය පෙම් සබඳතාවක් දක්වා දුරදිග ගිය අතර රහසේ ඉදිරිපස ගේට්ටුවෙන් නිවාස තුළට එකිනෙකා ආවේ, නිවාස දෙකේ හිමිකරුවන්ට හොරෙනි.
නිවාසවල හිමිකරුවන් නැතිබව එකිනෙකාට දැන්වූයේ අපූරු සංකේතයකිනි. ඒ තාප්පය මත පොල්කටුවක් තැබීමෙනි. ගෙදර අය සිටින විට පොල්කටුව යට පැත්තටත් නැති විට පොල්කටුව උඩ අතටත් තැබූ විට ඒ සංකේතයෙන් බිය සැක දුරලා නිවාසවලට පැමිණ ඔවුහු හමුවූහ.
පොල්කටුව උඩ අතට තැබූ නිසා පෙම්වතා පෙම්වතිය සොයා ආවත් පෙම්වතියගේ නිවැසියන් ඔහු අල්ලා ගත්තේ සැකයෙනි. ඔවුන් නිවසේ සිටින නිසා පොල්කටුව යට අතට හරවා තැබුවත් කපුටකු එය උඩු අතට හැරවීම නිසා විනාශය වී ඇති බව ඇය ඔහුට පසු දිනක කීවේ ඇඬූ කඳුළෙනි.
2025 නොවැම්බර් මස 04
22
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අල්ලපු ගෙයි පෙමට කපුටෙක් බාල්දියක් දාලා