IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


අල්ලපු ගෙදර ළිඳෙන් වතුර අරන් ජරමරයක්

පොල්ගස්ඕවිට එස් වික්‍රමආරච්චි 
පැවති දැඩි වියළි කාලගුණය නිසා මැරීයාමට ලක්ව ති⁣බෙන තම තේ වගාව බේරා ගැනීමට අල්ලපු වත්තේ ළිඳෙන් වතුර දැමීමට ගොස් එහි නිවැසි කාන්තාව සමග කතාබහකට වැටීම නිසා ටැංකියේ ජලය බිංදුවටම හිඳීගොස් සිදුවූ අලකලංචියක් පිළිබඳව පුවතක් පසුගියදා දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
අසන්නට ලැබෙන පරිදි සිද්ධිය මෙසේය,
ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධානම ජීවනෝපාය වන්නේ තේ කර්මාන්තයයි. පසුගිය දිනවල පැවති දැඩි නියඟ නිසා බොහොමයක් තේ වතු මැරී යාමට පටන්ගෙන ඇත. විශේෂයෙන් පැරැණි තේ ගස්වලට වඩා මෑතකදී සිටුවන ලද පැළ තේ වගා මැරී යාමේ තර්ජනයට ලක්ව ඇත.
මෙම පුද්ගලයා ප්‍රදේශයේ නමගිය දක්ෂ තේ වගාකරුවෙකි. දෙදරු පියකු වුවද තවමත් මැදිවිය ඉක්මවා නොගිය ප්‍රියමනාප තැනැත්තකු වන ඔහු දළු කඩන කාන්තාවන් දෙතුන් දෙනෙකු සමඟ අනියම් සබඳතා පවත්වන අනංගයෙකු බව ප්‍රදේශයේ ප්‍රසිද්ධ රහසකි.
සිය නිවසට මඳක් ඈතින් ඇති ඔහුගේ ඉඩමක මීට මාස දෙක තුනකට පෙර, පළමු කප්පාදුව සිදුකරන ලද අලු‍ත් තේ වගාවක් ඇත. දිනෙන් දිින එම වගාවේද ගස් මැරී යාමට පටන්ගත්තේය.


එම ඉඩමට ජල පහසුකම් නොමැති නිසා තේ වගාව විනාශයෙන් බේරා ගැනීමට මඟක් නොමැතිව හේ බලවත් සේ සිත් තැවුලට පත්වෙමින් සිටියේය.
ඒත් වාසනාවකට ඔහුගේ ඉඩම්වල දළු කැඩීමට එන තරුණ සහ ඇහැට කනට පෙනෙන සුරූපී කාන්තාවකගේ නිවස පිහිටියේ එම ඉඩමට අල්ලපු ඉඩමේය. එහි තරමක් ගැඹුරු ළිඳක් ඇත.
පසුගිය දිනෙක ඔහු ඉඩමට ගොස් මැරී යාමට ලක්වෙමින් තිබෙන තේ ගස් දෙස බලමින් සුසුම් හෙළමින් සිටිනු දුටු එම කාන්තාව ‘‘අයියේ මේ අපේ ටැංකියෙන් වතුර ටිකක් අරගෙන දාල ඔය ඉතුරුවෙලා තියෙන ගස් ටිකවත් බේරගන්න බලන්න”‍ යැයි ඇය කීවාය.


එම නිවෙසට ගොඩවී ඇය සමඟ නිදහසේ තනිපංගලමේ පැයක් හමාරක් ගතකරන්නට ඇත්නම් යැයි අනේකවාරයක් සිහින දකිමින් සිටි ඔහු ඇයගේ එම ආරාධනා⁣වෙන් බලවත් සතුටට පත් විය.
කඩිමුඩියේ නිවෙසට දිවගොස් මේ සුබ ආරංචිය සිය බිරිඳටද දැන්වූ හෙතෙම එදින සවස සිටම තේ වගාවට ජලය යෙදීමට පටන්ගත්තේ ඉහවහා ගිය ප්‍රීතියෙනි. එතැන් පටන් සෑම දිනකම ඔහු හවසට හවසට වතුර දැමීමට ඉඩමට යයි.
පසුගිය දිනෙක එම කාන්තාවගේ සැමියා දුර බැහැර ගමනක් ගොස් ඇති බැව් ඇගෙන්ම දැනගත් මේ පුද්ගලයා වතුර යොදන හෝස් පයිප්පය කරාමයට සම්බන්ධ කර එය තේ ඉඩමේ ඉහළ තැනක රඳවා ඉඩම පුරා ජලය ගලා යාමට සලස්වා කාන්තාවගේ නිවෙසට ගොඩවූයේ ඇය සමඟ මොහොතක් අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට තිබූ නොතිත් ආසාව නිසාමය.


”‍නංගී බුලත් විටක් කමුද”‍ යැයි අසාගෙන ගෙට ගොඩවූ හෙතෙම විවිධ ඕපාදූප ඇදගෙන ඇය සමඟ කතාබහ කරන්නට පටන්ගෙන ඇත.
සැමියාද නිවෙසේ නොසිටින අවස්ථාවක පිටස්තර පිරිමියෙකු සමඟ කතාබහ කරමින් ගතකිරීමට එම කාන්තාව එතරම් කැමැත්තක් නොදැක්වුවද මෙම පුද්ගලයා කූඩැල්ලෙකු මෙන් එල්ලී දිගින් දිගටම නිවසේ රැඳී සිටින්නට විය.


කෙසේවෙතත් තමාට සිතැඟි පරිදි කයිවාරු ගැසීමට කාන්තාව පොළඹවා ගත නොහැකි බව තේරුම් ගත් ඔහු හෙමින් සීරුවේ ඉඩම දෙසට පල්ලම් බැස්සේය.
 ඒ වන විට ජල ටැංකිය හිස්වන තුරු ඉඩම පුරා ජලය ගලා ගොස් ඇති බව දැක ඔහුගේ උගුර කට වියළී ගියේය. 
 මේ බව කාන්තාවට දන්වා කනගාටුව ප්‍රකාශ කළ ඔහු තමා පැමිණි බවක් සැමියාට නොකියන ලෙස ඇයගෙන් ඉල්ලා හනි හනිකට ගෙදර ගියේය.
මඳ වේලාවකින් නිවෙසට පැමිණි ඇයගේ සැමියා ටැංකියේ ජලය නොමැති බව දැනගෙන ඒ පිළිබඳව බිරියගෙන් විමසීමේදි ඇය සිදුවූ දේ ඔහුට පවසා ඇත.
විස්තරය ඇසීමෙන් ඔහුට යකා නැග්ගේය. මින් පසු වතුර දැමීමට නොව පැත්ත පළාතෙ පස් පාගන්නවත් නොඑන ලෙස දන්වා අර පුද්ගලයාට පණිවුඩයක් යැව්වාලු‍.



අදහස් (0)

අල්ලපු ගෙදර ළිඳෙන් වතුර අරන් ජරමරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1886 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1515 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site