IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අල්ලපු ගෙදර කොල්ලාගේ ත්‍රීවිලරයෙන් ගියාට ‘හනසු පූජාවක්’

(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)
වර්ෂාපතනය පැවැති අවස්ථාවේදී රැකියාව නිමකර පැමිණෙන නැන්දම්මා නි​ෙවසට රැගෙන ඒමට ප්‍රධාන මාර්ගයට අසල නි​ෙවසේ පදිංචි අවිවාහක ත්‍රිරෝද රථ තරුණයා සමග ගියා යැයි බිරිඳට දොස් පැවරූ තරුණ සැමියා ඇයට හනස්සකින් පහරදීමේ සිද්ධියක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි.


සිද්ධිය මෙසේය.


කෑගල්ල ප්‍රදේශයේ ගමක 27 හැවිරිදි තරුණයෙක් සිටියි. මෙම තරුණයා මීට මාස කිහිපයකට ඉහතදී අරණායක ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇය මව්පියන්ට හොර රහසේ කෑගල්ල නි​ෙවසට කැන්දාගෙන ආවේය. 


තරුණයාට ස්ථීර රැකියාවක් නොමැතිව සිටි අවස්ථාවේ දී මව්පියන් විසින් මීට වසර දෙකකට පමණ ඉහතදී නව ත්‍රිරෝද රථයක් කුරුණෑගල නගරයෙන් මිලට ගෙන දී තිබුණි. ඔහු මෙම ත්‍රිරෝද රථයෙන් මගීන් ගෙන යමින් යම් මුදලක් උපයාගෙන සවසට තරුණ බිරිඳට ගෙනැවිත් දුන්නේය. සිය පුතා ත්‍රිරෝද රථයෙන් උපයා ගන්නා මුදල් නිවසේ වියපැහැදම් කිරීමට මව්පියන් නොගන්නා අතර ඔවුන් දෙදෙනාට ද කෑම බීම ඇඳුම් පැළඳුම් ලෙඩට දුකට බේත් හේත් තවමත් මව්පියන් විසින් සොයා බලා ලබාදෙන බවත් වාර්තා වෙයි.
 තරුණයාගේ මව වසර 20 ක පමණ කාලයක සිට කෑගල්ල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කරන්නීය. ඇය රැකියාවට යන්නේ එන්නේ ආයතනය මගින් සපයා දී ඇතැයි කියන බස් රථයෙනි.


තරුණයාගේ නි​ෙවසේ සිට ප්‍රධාන මාර්ගයට මීටර් 400 ක් පමණ ඇති අතර තරුණයාගේ මව නිවසේ සිට ප්‍රධාන මාර්ගයට දිනපතා යන්නේ එන්නේ පයින්ය. ඉකුත් දිනෙක මුළු දවස පුරාම මහ වැසි ඇද හැලු‍ණි. සවස තරුණයා තම ත්‍රිරෝද රථයෙන් අසල්වැසි නි​ෙවසක අසනීපයෙන් පෙලුන අයකුට ප්‍රතිකාර ලබාගැනීමට කෑගල්ලට ගොස් තිබුණි.


සවස 6 ට පමණ තරුණයාගේ මව නි​ෙවසේ සිටින ලේලියට දුරකථන ඇමතුමක් ගෙන කියා ඇත්තේ අධික වර්ෂාව නිසා බස් රථයෙන් බැස නි​ෙවසට ඒමට නොහැකි බවත් පුතාට පාරට පැමිණෙන ලෙස දන්වන ලෙසත්ය. එහිදී තරුණිය සිය නැන්දම්මාට ප්‍රකාශ කර ඇත්තේ එයා කෑගල්ල නගරයට අසල්වැසියකු සමග අසනීපයකට ප්‍රතිකාර ගන්න ගිය බවය. 


“එහෙනම් දුවේ අල්ලපු ගෙදර අයියාට කතා කරලා එයත් එක්ක ඔයා පාරට එන්න.”‍ යැයි මව ප්‍රකාශ කළාය.


පසුව තරුණිය අල්ලපු නිවසේ පදිංචි අවිවාහක තරුණයාගේ නි​ෙවසට ගොස් සිද්ධිය දන්වා ඔහු සමග ප්‍රධාන මාර්ගයට ගොස් නැන්දම්මා නිවසට එක්කරගෙන ආවාය.


විනාඩි කිහිපයකට පසුව නි​ෙවසට ආ තරුණයා මවගෙන් විමසා ඇත්තේ අධික වැස්සේ පාරේ සිට නිවසට පැමිණියේ කෙසේද යන්නය. එහිදී මව සිද්ධිය සම්පූර්ණයෙන්ම සිය පුතාට ප්‍රකාශ කළාය. පසුව තරුණයා මවටත් දොස් පවරා කුස්සියේ පෝරණුව යට තිබුණු හනස්සක් ගෙන කාමරයට ගොස් ඇඳේ සිටි බිරිඳට යළි කිසිවකුත් සමග නොයන්නැයි පවසා හනස්ස කැඩී යන තෙක් ඇයට පහරදී ඇතැයි වාර්තා වෙයි. 


එම අවස්ථාවේ දී තරුණයාගේ මව පැමිණ පහර දීම නතර කිරීමට උත්සහ කරන අවස්ථාවේ දී ඇයටත් හනසු පහරවල් කිහිපයක් වැදී ඇති බවත් වාර්තා වෙයි.

 



අදහස් (0)

අල්ලපු ගෙදර කොල්ලාගේ ත්‍රීවිලරයෙන් ගියාට ‘හනසු පූජාවක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 101 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 36 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site