IMG-LOGO

අල්ලපු ඇදේ ලෙඩාගේ පිටි ටින් එක රෝගී යාළුවාට දීලා

රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි මිතුරකු බැලීමට ගිය අයකු අසල ඇඳක නිදා ගෙන සිටි රෝගියකුගේ කිරිපිටි පැකට් එකක් සොරකම් කොට මිතුරාට ලබාදීම නිසා මිතුරු රෝගියා අපහසුතාවයට පත්වූ පුවතක් දකුණු පළාතේ ග්‍රාමීය රෝහලකින් වාර්තා විය.
රෝගියකු බැලීමට යන අය කිසියම් දෙයක් ලෙඩා වෙනුවෙන් රැගෙන යාම බොහෝ අයගේ පුරුද්දකි. තරමක කපටි අයකු තම මිතුරකු බැලීමට ගියේ දහවල් කෑම පැයේදීය. කඩිමුඩියේ ලකලැහැස්ති වී රෝහලට ගිය ඔහුට ලෙඩාට දීමට කිසිවක් ගැනීමට නොහැකි විය. නමුත් ඔහු බැලීමට පැමිණි හැමදෙනාම මොනයම් දෙයක් රැගෙනවිත් තිබුණු නිසා තරමක ලැජ්ජාවක්ද ඇතිවිය. 
වටපිට බැලූ ඔහුට අසල රෝගියකුගේ කබඩ් එක උඩඇසුරුමක බහා තිබුණු සස්ටජන් ටින් එකක් දුටු අතර එම ඇඳෙහි සිටි රෝගියා වැසිකිළියට ගොස් තිබුණි. කිසිවකුට නොපෙනෙන ලෙස එය ගත් හෙතෙම තම මිතුරාගේ අතට දී මචන් උඹට කෑමබීමත් ගන්න අමාරු නිසා මං මේක ගෙනාවේ. මේකෙන්  පිටි හැඳි තුන හතරක් දාලා හදාගෙන බීපන් ඇඟටත් හොඳයි කියා එතනින් පිටත් විය. රෝගීන් බැලීමට පැමිණි අය පිටත් වී ගිය පසු මිතුරා ගෙනැවිත් දුන් තෑග්ගෙහි වටිනා කමත් තම මිතුරාගේ අවංක කමත් අසල ඇඳෙහි රෝගියාට කියා ඇත. අනේ ඕක මොකක්ද මටත් අද සස්ටජන් ටින් එකක් ලැබුණා. රුපියල් හාරදාහක් විතර වටින නිසා කවුරුහරි හොරකම් කළොත් හඳුනා ගන්න පුළුවන් වෙයි කියලා හිතලා සලකුණකුත් දැම්මා කියමින් කබඩ් එක දිහා බැලු‍වත් එය එතැන නොතිබුණි. අනේ එහෙනම් ඔයාගේ පෑනෙන් මට ලැබුණු ටින් එකේ මගේ නම ලියන්න කියා එය ඔහුගේ අතට දී තිබුණි.
කවරය දිගහැර බැලූවිට තමාට ලැබුණු සස්ටජන් ටින් එක බව දැක උඹ මහපල් හොරෙක් මගේ පිටි ටින් එක මූ හොරකම් කරලා කියා මහ හයියෙන් කියා ඇත. මෙයින් පුදුමයටත් ලැජ්ජාවටත් පත් වූ මිතුරු රෝගියා එම ටින් එක ගෙනැවිත් දුන් මිතුරා හමුවීමට ගොස් තමන්ට සිදුවූ ඇබැද්දිය කියා තිබේ. නමුත් අර කපටි මිතුරා එය ගණනකට නොගෙන මචන් මට දැන් හදිසි ගමනක් යන්න තියෙනවා කියා පිටත් වී ඇති අතර මිතුරු රෝගියා දැඩි ලෙස අසරණව ප්‍රතිකාර අතරමග නතර කර නිවසට පැමිණ තිබුණි.

 මුලටියන එස්. බාලසූරිය



අදහස් (0)

අල්ලපු ඇදේ ලෙඩාගේ පිටි ටින් එක රෝගී යාළුවාට දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1018 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site