හසලක සුනිල් ඒකනායක
වන අලියකුගේ ග්‍රහණයට හසු වූ ගැමියකු අලියාට වැඳ තමන්ට හිරිහැරයක් නොකර අතහැර දමන ලෙස කළ ඉල්ලීම නිසා එම ගැමියා අතහැර දමා අලියා වනයට ගිය පුවතක් මිනිපේ ගොවි ජනපදයේ ගම්මානයකින් වාර්තා විය.
මිනිපේ ගොවි ජනපදය පුරා මේ දිනවල අලි මිනිස් ගැටුම් පවතී. එය ගැමියන්ගේ ජන ජීවිතයට අහිතකර බලපෑම් එල්ල වී පවතින බව ගැමියෝ පවසති. ඔහු 48 හැවිරිදි වියේ පසුවන ගොවියෙකි.
මෙදින පෙරවරු 6ට පමණ කිසියම් අවශ්‍යතාවයකට ඔහු සිය නිවෙසේ සිට කුඩා අතුරු මාර්ගයේ යතුරුපැදියේ නැගී හසලක නගරය බලා ගමන් කරමින් සිටියේය. එසේ ගමන් කරමින් සිටින අවස්ථාවේ මාර්ගයේ ගමේ කළවරේ ඉදිරියෙන් තිබූ වංගුව සමග ඔහු දුටු දසුණින් තුෂ්ණීම්භූත විය. ක්ෂණයකින් යතුරුපැදියේ එන්ජිමද නතරවිය. කර කියා ගත කිසිවක් නැත. ඔහු ඉදිරියේ පෙනී සිටි සද්දන්තයාගේ හොඬවැලේ ග්‍රහණයට හසු විය. හොඬවැලෙන් ඔසවා පිටතට ගෙන මාර්ගයේ ඔහු තැබුවේ පා පහරක් එල්ල කර ඔහු පාගා දැමීමට විය හැකිය. අලියා ඔහු බිම තබනවාත් සමගම ගැමියාට ආවේ ගන දෙවි නුවණකි. අලියා ඉදිරියේ බිය නොවී වහා ක්‍රියාත්මක වූ ඔහු බිම හිඳගෙනම දෑත් එක්කර අලියාට වැඳ නමස්කාර කර කීවේ ‘‘අනේ බුදු දෙයියෝ මට කරදරයක් කරන්න එපා. මම අහිංසකයෙක්. අනේ මට යන්න හරින්න’’ කියා බැගෑපත් විය. එසේ දෙවරක්ම පමණ කී පසු අලියා විනාඩියක් පමණ කාලයක් නිසොල්මනේ ඔහු දෙස බලා සිට අඩි කීපයක් පසු පසට ගොස් අසල තිබූ ළඳු කැලැවට පිටව ගියේ ගැමියාගේ ඉල්ලීමට අනුකම්පා කලාක් මෙනි.
අලියාගේ ග්‍රහණයෙන් ගැමියාගේ දිවි එසේ බේරුණත් අලියාගේ හොඬවැලට හසුවීම නිසා ඔහුගේ ශරීරයේ අභ්‍යන්තරයට හා පිටතට වූ හානි හේතුවෙන් ඔහු ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි ඥාතීහු පැවසූහ.
2025 නොවැම්බර් මස 04
67
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අලියා හොඬයෙන් අල්ලා බිම තැබූ ගොවියාට ගණදෙවි නුවණ පහළවෙලා