(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න)
අලුත පටන් ගත් කාර්යාලය දැකුම් කළු කිරීමේ අරමුණින් තිබ්බ මල්පෝච්චි අතරේ තිබූ කෘත්‍රිම මල් ගසටත් සේවකයා වතුර වක්කරනු දුටු ලොක්කට දවල් තරු පෙනුනු සිද්ධියක් අසන්නට ලැබිණි. එය අලුත් කාර්යාලයකි. සේවකයාද අලුත්ය.
දිනක් එහි ප්‍රධානියෙක් සේවකයාට කතා කර මේ මල් ගස් පෑවිල්ල සැර නිසා මැරෙන්වා ඒ නිසා දවසක් ඇර දවසක් ඒවට වතුර දාන්න. ඇතුලේ නිසා වැඩිය දාන්නත් එපා කියා ඇත. ඒ අනුව සේවකයා දිනක් උදේ භාජනයක් ගෙන මල්වලට වතුර දමමින් සිට ඇත. කාමරයක සිට ඒ දෙස බලා සිටි ලොක්කා “අයියෝ අර මනුස්සය සූරියකාන්ත ගස්වලටත් වතුර දානවා ඒවා කෘත්‍රිම ගස් කියලා කියන්න” යැයි තම සේවකයෙකුට කතාකර කියා ඇත. ඒ සේවකයා මල්වලට වතුර දමන සේවකයා ළඟට ගොස් මොකටද මේකට දැම්මේ මේක ප්ලාස්ටික් එකක් යැයි කියද්දී “මචං හොයන්නම බෑ ඇත්ත ගහක් වාගෙමයි. මට හිතුනේ ලොක්කා රට ගිහින් එද්දී ගෙනාව එකක් කියලයි.
සුවඳත් තියනවා යැයි කියා ඇත. උඹ අදද මෙහෙ ආවේ. ඔය වගේ ඒව දැකලම නැද්ද? මේවා කෘත්‍රිම වුනාට හුඟක් ඇත්ත මල්වලට සමානයි. ආයේ වතුර දාන්න එපා යැයි කියා ඇත. තමන් නොදන්නා කමට කළ වැඬේ ගැන සමාව ඉල්ලූ සේවකයා ඉන් පසු වතුර දාන වැඬේ කළේ පරෙස්සමෙන්ලු.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අලුතින් ආ සේවකයා මල් නොඑන ගහකට සාත්තු කරලා
panapitiya Wednesday, 27 February 2019 08:26 AM
ඉතින් අපිට පාන්ද?
raviWednesday, 27 February 2019 10:28 AM
මේකෙන් කියවෙන්නේ .. ඔයාල වගේ ප්ලාස්ටික් මල්වලට වතුර දාන ගොබ්බයො තවත් අපේ රටේ ඉන්නවා කියලනේ ..