IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


අලුත ගෙනා ලේලිය නැන්දම්මාට බලු පිඟානේ සම්බෝල හදලා

මොරගොල්ලාගම සිසිර කැලේගම
අලුත ගෙනා ලේලිය සැකසූ කෑම වේල දැක නැන්දම්මාට යක්ෂයා ආරූඪ වූ පුවතක් පන්සියගම පොලිස් වසමෙන් වාර්තාවේ.


මව නිවසේ පසුවූවාය. පුතා කොළඹ ප්‍රදේශයේ වැදගත් රැකියාවක නියැළී සිටියේය. මව කල දවස ගත වූ පුතාට සහකාරියක් සෙව්වාය.


සොයනා කාන්තාව ඉගෙන ගත් රූමත් තැනැත්තියක විය යුතු බවත් රැකියාවක් නොකළ යුතු බවත් මව නිතර කීවාය. තමා කසාද බඳින ගැහැනිය මවට පණමෙන් සලකන යහපත් ගෘහණියක් විය යුතු බවද පුතා නිතර සිතුවේය.


එලෙස සෙවූ කාන්තාවක ඔහුට හමුවුණි. ඇය කැඳවාගෙන නිවෙසට ආවේය. සැමියා ඇය නිවසේ නවතා සේවයට ගියේය. නැන්දම්මා ද  දිනක උදේ වෙනත් කටයුත්තක් සඳහා නිවෙසින් නික්ම ගිය පසුව ලේලිය පමණක් නිවසේ තනි වූවාය. ඇය දහවල් ආහාර වේල සැකසීමට සූදානම් වූවාය. 


ඇය බත් උයා වෑංජනද සකසා නැන්දම්මාගේ ප්‍රියතම කෑමක් වූ සම්බෝලයක් ද පිළියෙළ කළේ නැන්දම්මාගේ හිත දිනා ගැනීමටය. ඔය අතර වාරයේ නැන්දම්මාද ගෙට ගොඩ වූවාය. අලුත ගෙනා ලේලිය සැකසූ කෑම වේල දැක ඇය පුදුමාකාර සතුටකට පත්වූවාය. කෑම ගැනීමට මුලුතැන්ගෙට ගිය ඇය කෑම බෙදා ගැනීමට සැරසුණාය.


දුවේ මේ සම්බෝලය හැදූ භාජනය මොකක්ද? ඒක බල්ලන්ට කෑම දීම සඳහා වෙන්කර තිබෙන බඳුනකි. ලේලිය කුස්සියේ ඉවත දමන දේ හා මිදුලේ තිබෙන බත් විසිකර දමා සියලු භාජන කුස්සියට ගෙනැවිත් තැබීමෙන් මෙම අකරතැබ්බය සිදුවී තිබෙන බව ඇය වටහා ගත්තාය.


අවසානයේ නැන්දම්මාගේ ප්‍රියතම කෑමට සැකසූ සම්බෝලය පමණක් නොව අනිකුත් කෑම ටිකත් එළියට විසිකර දැම්මාය. අහේනිය හමුවේ කෑම වේලක් ඉවත දැමීම ගැන නැන්දම්මාගෙන් එල්ලවූ නින්දා අපහාස අසන්නට අහළ පහළ නිවැසියෝද පැමිණියහ.


අවසානයේ සමාජයට මුහුණ දීමට නොහැකිවූ ලේලිය කාමරයට වී දැඩි අපහසුතා හමුවේ පසුවෙනවාලු.



අදහස් (0)

අලුත ගෙනා ලේලිය නැන්දම්මාට බලු පිඟානේ සම්බෝල හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 393 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 552 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site