තිහගොඩ උපසේන ලියනගම
අලුත ගෙනා මනාලියට වැඩ පෙන්නීමට ගොස් කොන්ද කඩා ගත් මනාලයකු පිළිබඳ මේ පුවත වාර්තා වූයේ මෙරට මැණික්වලට ප්‍රසිද්ධ නගරාසන්න ගම්මානයකිනි.
ලිපිකරු විභාගයෙන් සමත්වූ ඔහු අගනුවරට පත්වීමක් ලබාගොස් එහිදී දැන හඳුනාගත් තරුණියක සමඟ පෙම් සබඳතාවක් ඇති කර ගත්තත් ඇය එතරම් රූමතියක නොවූ නිසා විවාහයට අදි මදි කළේය. එහෙත් ඇගේ මවුපියන්ගේ බලපෑම මත ඔහුට ඇය විවාහ කර ගැනීමට සිදුවිය.
මෙය දැනගත් මවුපියන් ඇය සමග ගෙදර එන ලෙස දැන්වූයේ මේ එකම පුතා නිසාය. අගනුවරම හැදී වැඩී විලාසිතාවලට හුරුවී සිටි ඇය ගමට ආවේ දැඩි සතුටෙනි. පැමිණි මුල් දිනයේම ඔහු සමඟ වත්ත පිටිය බැලීමට ගිය ඇය පේර ගසක ඉදුණු ගෙඩියක් දැක එය කඩා ගැනීමට කෙක්කක් සෙව්වාය.
‘අයියෝ ඕවට කෙකි මොකටද?’ කී ඔහු එක පිම්මේ ගසට නැග්ගේ තම මනාලියට වැඩ පෙන්වීමටය. එහෙත් ගස දිගේ උඩටම නැග ගත් ඔහු ලිස්සා ගොස් පහළට ඇද වැටුණේ තම කොන්ද ගලක වැදී දැඩි හානියක් කරගෙනය.
මෙය දුටු අම්මා ද කෑ ගසාගෙන එතැනට ආවේ ‘‘බැරි වැඩ කරන්න යනවට හොඳ පාඩම’’ කියාගෙන ලු.
2025 නොවැම්බර් මස 04
67
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අලුත ගෙනා මනාලියට වැඩ පෙන්නන්න ගිහින් කොන්ද කඩාගෙන