(තිහගොඩ උපසේන ලියනගම)
දිගුකලක සිට හේන් වගාව නිසා අතමිට සරුකරගත් ඇය ඇඹිලිපිටිය පැත්තේ රූමත් තරුණ ළඳකි. මවුපිය විරෝධය මැද ඇය හිතුවක්කාර තරුණයකු සමඟ විවාහ වුවත් දෙවසරක් ගතවීමටත් පෙර විවාහයට කණ කොකා හැඬුවේ ඔහුගේ අවිචාර වැඩ රැසක්ම අනාවරණය වීම නිසාය.
ඒ වනවිටත් දරුවන් නොසිටි නිසා මවුපියන් ඇයට වෙනත් විවාහයක් කර දුන්නේ ඔහුගෙන් දික්කසාදය ලබාගෙනය. නව සැමියා ඉතා යහපත් නිරහංකාර අයෙකි.
කලින් සැමියා සමඟ ගෙන තිබූ මංගල ඡායාරූපය ඇයට අතිශය අප්‍රිය වුවත් එය විනාශ නොකළේ තමාගේ තරුණ රූපශ්‍රීය එහි අඩංගු වූ හෙයිනි. තම දරුවන්ගේ යහපත සලකා මංගල ඡායාරූපයක් ගැනීමට ඇය නව සැමියාට කීවත් ඔහු උපහාසයෙන් සිනාසී එය ප්‍රතික්ෂේප කළේ ඉතා කාරුණිකවය.
මෙය යෙහෙළියකට කී විට ඇය කීවේ ස්ටුඩියෝවකට ගොස් පැරැණි මංගල ඡායාරූපය හා නව සැමියාගේ ඡායාරූපයක් දුන් විට මෙය කරගත හැකි බවය.
යෙහෙළිය කී පරිදි නව සැමියාගේ ඡායාරූපයක් හා ඊට අදාළ ලියවිලි ඡායාරූප ශාලාවකට දී ඇය ආපසු ආවේ මෙය කෙසේ කරනවා දැයි සිතමිනි.
එහෙත් පසුගියදා ඇගේ නව මංගල ඡායාරූපය දැකීමෙන් ඇයට ඉමහත් සතුටක් ඇති වූවත් ඡායාරූප ශාලාවෙන් කර තිබුණේ පැරැණි සැමියාගේ ඇස් දෙක හා කට වෙනුවට නව සැමියාගේ දෙඇස් හා කට බද්ධ කිරීමක්ලු.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අලුත ගෙනා මනාලිය අලුත් සැමියාට පැරැණි සැමියාගේ ඇස්-කට පූට්ටු කරලා
primeshika Monday, 15 November 2021 10:35 AM
දෙවන සැමියත් නොවෙයි ,වෙන කෙනෙකුත් නොවෙයි