IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අලුත ගෙනා මනමාලිට වෙලාව පරක්කු කළ නැන්දම්මාට තේ කෝප්ප ප්‍රහාරයක්

වේලාවට කිරි කෝප්පයක් සාදා අතට නොදුන්නා යැයි පවසා අලු‍ත ගෙනා මනාලියක් නැන්දම්මාට කිරි කෝප්පයකින් දමා ගසා රැකියාවට ගොස්  ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


කෑගල්ල නගරයට නුදුරු ගම්මානයකි. මෙම ගම්මානයේ දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් මව්පිය යුවළක් පදිංචිව සිටිති. මෙම මව්පිය යුවළගේ බාල පිරිමි දරුවා හැර සෙසු වැඩිමහල් දරුවන් තිදෙනා විවාහ වී වෙන වෙනම පදිංචිව සිටිති. බාල පිරිමි දරුවා රජයේ රැකියාවක් කරන අතර කල වයස සම්පූර්ණ වීමත් සමග මනාලියක් කැන්දාගෙන ඒමට මව්පියෝ කටයුතු කරමින් සිටියහ. කපු මහත්මයකු විසින් මීට වසර දෙකකට ඉහතදී ගෙනා යෝජනාවකට අනුව මීට මාස කිහිපයකට ඉහතදී රජයේ  රැකියාවක නියැළී සිටින මනාලියක කැන්දාගෙන ආවේ වයඹ පළාතෙනි.


වයඹ පළාතෙන් මනාලිය කැන්දාගෙන පැමිණිය ද තවමත් ඇයට ස්ථාන මාරුව කෑගල්ලට සාදා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඇය පාන්දරින්ම රැකියාවට  පිටත්ව යාමට පුරුදුව සිටියාය.


ලේලිය පාන්දරින්ම රැකියාවට පිටත්ව යන නිසා ඇය ගැන අනුකම්පා කළ මනාලයාගේ මව්පියෝ පාන්දරින්ම නැගිට කෑම උයා පිහා කෙසෙල් කොළයක ඔතා කෑම පර්සලයක් බැඳ දීම පුරුද්දක් කරගෙන සිටියහ. සෑම දිනකම නිවසින් මිනිත්තු කිහිපයකට පෙර පිටත්වීමට ආසන්නයේ දී කිරි කෝප්පයක් ද සාදා ලේලිය අතට දීමට නැන්දම්මා අමතක නොකළාය.


ඉකුත් දිනෙක නැන්දම්මා ලේලියට සියල්ල කර දී තිබුණ ද ඇය අවදි වීම ප්‍රමාදවීම හෙතුවෙන් ලහි ලහියේ සියල්ල සූදානම් කරන අවස්ථාවේ දී කෑගල්ල නගරය බලා යාමට බස් රථය ඈතින් පැමිණෙන ශබ්දය ලේලියට ඇසුණි.


ලේලිය හනික ලෑස්ති වී කෑම පාර්සලයත් රැගෙන මඳ අඳුරේ නිවසින් එළියට බහින්න සූදානම් වූ අවස්ථාවේ දී නැන්දම්මා විසින් සාදා කාමරයේ මේසය මත තබා තිබුණු කිරි කෝප්පය පානය කරන්න ලේලියට වේලාවක් නොතිබුණි. පසුව නැන්දම්මා කාමරයට ගොස් කිරි කෝප්පය ගෙන ලේලිය අත තැබුව ද ප්‍රමාද වී අවදිවීම හේතුවෙන් යම් කෝපයකින් සිටි ලේලිය කිරි කෝප්පය කල් ඇතිව පානය කරන්න සාදා නොදුන්නා යැයි පවසා නැන්දම්මාට තේ කෝප්පයෙන් දමා ගසා බස් රථයට දිව ගොස් ඇති බව වාර්තා වෙයි.


පාන්දරින්ම  අවදි වී උයා පිහා සියල්ල කර දෙන තමන්ට කිරි කෝප්පය අතට නොදුන්නා යැයි ලේලිය කිරි කෝප්පයෙන් දමා ගැසීම සම්බන්ධයෙන් සිත් වේදනාවෙන් අසල්වැසි කාන්තාවක සමග සිව් දරු මව පවසා ඇතැයි ද වාර්තා වෙයි.

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න

 



අදහස් (1)

අලුත ගෙනා මනමාලිට වෙලාව පරක්කු කළ නැන්දම්මාට තේ කෝප්ප ප්‍රහාරයක්

Mahi Sunday, 25 December 2022 02:00 AM

හොඳ වෙලාවට කොරියන් නිලධාරියට තේ නොදුන්නේ, නැත්නම් තේ කෝප්ප යෙන් ගහන්නේ කාලකන්නි දේශපාලකයට.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site