IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


අරක්කු යැයි සිතා ඔලිව් තෙල් බොන්න ගිහින්


වසර ගණනාවක් ඉතාලියේ සිට පැමිණි අයකු තම හිතවතකුට දුන් මත්පැන් බෝතලයක් මිතුරකු සමග පානය කිරීමට සැරසෙද්දී එය ඔලිව් තෙල් බෝතලයක් වීමේ අපූරු පුවතක් මහනුවරින් වාර්තා විය.
ඉතාලියේ වසර ගණනාවක් සේවය කොට ලංකාවට පැමිණි පුද්ගලයකුගේ සුවදුක් විමසීමට ඔහුගේ ළඟම හිතවතකු නිවෙසට පැමිණියේය.
කාලයකින් හමුවූ තම මිතුරාට ඉතා හොඳින් සංග‍්‍රහ කොට දීර්ඝ වේලාවක් ආගිය තොරතුරු ද කතා කිරීමෙන් අනතුරුව මිතුරා ආපසු යෑමට සැරසෙද්දී ඔහුට ඉතා ලස්සන කඩදාසියකින් ඔතන ලද බෝතලයක් ද තෑගි කෙරිණි.
බෝතලය තෑගි ලද මිතුරා පස්වනක් ප‍්‍රීතියෙන් පිනාගොස් අද නම් හොඳ දවසක් යැයි කියමින් නිවෙසට ආපසු යන ගමන්ම ඔහුගේ මිතුරෙකුගේ     නිවෙසකට ගොස් අද සවස් කාලයේ තම නිවෙසට පැමිණෙන ලෙස ආරාධනා කරමින්ම නිවෙසට ගියේය. හොඳින් ලූණු ඇඹුල් එක්කොට කට කැස්මක් ද සකස් කැරිණි.
පැවසූ ආකාරයටම වේලාවට මිතුරා පැමිණියේය. බෝතලය ද කටගැස්ම ද මේසයට ආවේය. ආගන්තුක සත්කාර දත් මිතුරා තම මිතුරාටම බෝතලය කඩා වත්කරගන්නා ලෙස ඉල්ලා සිටියේය. බෝතලය කඩා වත්කර ගන්නා විට එය තෙල් වර්ගයක් මෙන් වීදුරුවට හැලෙන්නට විය.
බෝතලයේ ලේබලය පරීක්ෂා කිරීමට මිතුරන් දෙදෙනා පෙළඹුණේ එවිටය. එහි පිරිසුදු ඔලිව් ඔයිල් යනුවෙන් ඉංග‍්‍රීසියෙන් සටහන් කොට තිබිණි.



අදහස් (0)

අරක්කු යැයි සිතා ඔලිව් තෙල් බොන්න ගිහින්

සෙනරත් Monday, 04 March 2013 09:32 AM

අපේ අය‍ට බොන්න ගියහම සිහිය නෑ.. මේ රටවලත් ලංකාවේ අය ප්‍රසිද්ධ බීමට තමයි... (ස)

:       0       0

වරුණ Monday, 04 March 2013 10:03 AM

ඔලිව් තෙල් බොන්න පුළුවන් නම් හොඳයි. අරාබියේ මාමලා කෑමවලට දාන්නේම ඔලිව් තෙල්. (නි)

:       0       0

මානවී Monday, 04 March 2013 03:18 PM

ඔලිව් තෙල් කියන්නේ හොද තෙලක් (නි)

:       0       0

අසාන් Monday, 04 March 2013 10:17 AM

මේක උනේ පානදුරේ ගෙදරකදී. ඉතාලි වලින් තමයි ඔලිව් ඔයිල් කියල ගහල තිබුනේ. අනිත් හැමදේම හරියටම හරි. (ස)

:       0       0

සුනිල් Monday, 04 March 2013 03:37 PM

ඔලිව් තෙල් කියන්නේ බීමට හැකි පානයක්. (නි)

:       0       0

ලංකා Monday, 04 March 2013 10:41 AM

බිවුවානම් ඉවරයි මොකද අගුනයකුත් නැහැනේ (දී)

:       0       0

ෆ්‍රැන්සිස් Monday, 04 March 2013 10:53 AM

පේනවනෙ,නියම බුද්ධි පරීක්‍ෂණයක්,කට්ටිය ‍චන්ද දෙන්නෙත් ඔහොම තමයි (ස)

:       0       0

අනුලා Tuesday, 05 March 2013 05:35 AM

මත් බීම වලට වඩා ඔලව් තෙල් කොච්චර වටිනවද? තෑග්ග දීපු යාළුව නම් ගෙඩක් හොද කෙනෙක්.(නදී)

:       0       0

නාමල් Tuesday, 07 May 2013 11:19 AM

ඔලිව් තෙල් බෙහෙතක්. (ස)

:       0       0

හිල්ම් Tuesday, 05 March 2013 05:52 PM

කමක් නැහැ අගුණයක් නැහැනේ (දී)

:       0       0

පද්මි Monday, 04 March 2013 11:19 AM

ඉතාලි ඔලිව් තෙල් හරිම ගුණයි. හිස මසාජ් කරන්නත් නියමයි. (නි)

:       0       0

අමිල Monday, 04 March 2013 11:28 AM

බේබද්දෙක් නම් කවදාවත් බෝතලයක් තෑගි කරන්නේ නැහැ කාටවත්. ඉතිහාසයේ එහෙම වෙලා නැහැ කවදාවත්. (නි)

:       0       0

ලාල් ගලබඩ-ලේක්කෝ Wednesday, 06 March 2013 03:39 AM

බේබදුකම ඉතාලි වල ලාංකික ප්‍රජාව තුළ දැවෙන ප්‍රශ්නයක්. (නි)

:       0       0

වන්නි Monday, 04 March 2013 12:49 PM

ගුනයිනේ, අනෙක් අයටත් පුරුදු කරමු (දී)

:       0       0

ජයතිස්ස Monday, 04 March 2013 01:06 PM

වැරදිලා හරි බිවුවා නම් ඇගට හොදයිනේ. (නි)

:       0       0

හිල්ම් Monday, 04 March 2013 01:50 PM

සුවද දන්නේ නැද්ද (දී)

:       0       0

සුනිල් Monday, 04 March 2013 02:21 PM

අන්න මිනිස්සුන්ට පුරුදු කරනවානම් වැඩේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 350 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site