(මීගහතැන්න ප්‍රේමතිලක පෙරමුණ)
අලුතින් පැමිණි ඕඅයිසී මහත්තයා අයි.ආර්.සී. පච්ච සිරාගේ බූරු පිටියට මහ රෑ හදිසියේ කඩා වැදුණු නිසා අන්දමන්ද වූ බූරු කප්පිත්තෝ හිස් ලූ ලූ අත දිවගියහ.
කල් ඇතිව අතුරු මාර්ග වල රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන් බොහෝ දෙනකු අත්අඩංගුවට ගත් නමුත් සිරා ඇතුළු කිහිප දෙනෙක් අල්ලා ගැනීමට නොහැකි විය.
මුරට දමා සිටි පච්ච සිරාගේ දඩෝරි බල්ලන් දෙදෙනාද, ඕඅයිසී මහත්තයා විසින් කල් ඇතිව සූදානම් කර රැගෙන ගිය අමු මස් කැබලි කිහිපයෙන් මෙල්ල කරගත් නිසා වැටලීම තවත් පහසු විය.
කාව ඇල්ලුවත් මැරතන් ශූරයකු බඳු වූ පච්ච සිරා ඇල්ලීමට මෙතෙක් කළ කිසිදු වැටලීමකදී පොලිසියට නොහැකිවීම එක අතකින් පොලිසියට මදිකමක් ද විය.
වෙනදා මෙන්ම පච්ච සිරා බූරුපිටිය ආසන්නයේ ඇති ඉතා ගැඹුරු ගඟට පැන පිහිනා ගියේ පොලීසිය කිසිවිටෙකත් එම අවදානම නොගන්නා බව ටක්කෙටම දන්න නිසාය.
සිරා අනුකරණය කරමින් පොලිස් නිලධාරීන්ගෙන් මිදුණ තවත් කීප දෙනෙක්ද ගඟට පැන පිහිනන අතරේ, තමන් සමග පිහිනමින් සිටි අනිත් සගයා අමතා “අද ටිකක් දුරට ගිහින් ගොඩවෙමු ඕඅයිසී මහත්තයා වෙනදා තැන මුරට දාල ද දන්නෑ”යයි පච්ච සිරා කියද්දී ඔව් ඔව් කිලෝමීටර් බාගයක්වත් පහළින් ගොඩවෙමු” අනෙකා ද එය අනුමත කළේය.
කිලෝමීටරයකට ආසන්න ප්‍රමාණයක් ගඟ දිගේ පහළට පිහිනා ගිය පච්ච සිරා පාළු කැලෑ රොදක් අසලින් අඳුරේ අතපත ගාමින් ඉවුරට ගොඩ වූයේ අනතුරක් නොමැති බව තහවුරු කරගෙනය.
“අම්මෝ ඇති යන්තම් අදටත් බේරුණා හොඳටම මහන්සියි” කියමින් ගං ඉවුරේ වාඩිවුණු පච්ච සිරා, පිටුපසින් පිහිනා පැමිණි සගයාට ද ගොඩවීමට අත දික්කර සහයෝගය දුන්නේය.
“ඔව් බං මටත් හරි මහන්සියි ඒත් කමක් නෑ බේරුණානේ” යැයි කියමින් අත අල්ලාගෙන ගොඩ වූ සගයා එසැණින් තමාගේ දෑතට මාංචු කුට්ටම දැම්මෙ අලුත් ඕඅයිසී මහත්තයා බව සිරා දැනගත්තේ පොලීසියට රැගෙන ගිය පසුය.
2025 දෙසැම්බර් මස 16
57
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අයි.ආර්.සී පච්ච සිරා ඕ.අයි.සීගේ අතේ මාට්ටු