IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අම්මා පුතාට බේත් ගේන්න ගිය අතරේ තාත්තා දුවගේ කරාබුව කුඩු පූජාවකට අරගෙන

සිය බිරිඳ දරුවකුට ප්‍රතිකාර ගන්න ගිය අතරේ නිවසේ නිදා සිටි දියණියගේ  කනේ කරාබු දෙක ගලවා රැගෙනගොස් මත්කුඩු පානය කළ පියෙකු පිළිබඳව පුවතක් කොළඹට නුදුරු ප්‍රදේශයකින් පසුගියදා වාර්තා විය
සිද්ධිය මෙසේය
ඔහු කම්කරුවකු වන අතර කාලයක් තිස්සේ මත්කුඩුවලට ඇබ්බැහි වූවෙකි. දිනපතා රුපියල් තුන්දාහකට වැඩි මුදලක් උපයන අතර එම මුදලින් හරි අඩක් පමණ වැය කළේ මත්කුඩු පානය කිරීමටය. ඔහු සිය බිරිඳට දිනපතා දෙන මුදලින් ඇය දරුවන් දෙදෙනා සමග ජීවිකාව ගෙන යන්නේ ඉතාමත් අමාරුවෙනි. කෙසේ නමුත් මත්කුඩුවලට ඇබ්බැහි වී සිටින සැමියා ඉන් මුදවා ගන්න උත්සාහ කළත් ඇයගේ උත්සාහය සාර්ථක නොවීය.                                   
දිනක් මොහු වැඩට යමින්  සිටිය දී වැටී තුවාල වී දින කිහිපයක් නිවසේ සිටීමට සිදුවිය. එහෙයින් මොහුට මත්කුඩු ලබා ගැනීම සඳහා මුදල් නොවූ හෙයින් පසුදින සිය බිරිඳගෙන්  මුදල් ඉල්ලා සිටියේය. ඔහුගේ කරදරේ නිසාම සඟවාගෙන තිබූ මුදලක් ඇය ඔහුට දුන්නාය.                   


  ඊට පසු දිනෙක ඇයගෙන් මුදල් ඉල්ලා සිටි අතර ඇය එය ප්‍රතික්ෂේප කළාය.                  
  ඒ අතර වාරයේ ඇය තම සිඟිති පුතුට බෙහෙත් ලබා ගැනීම සඳහා රෝහලට ගිය අතර දියණිය නිවසේ නිදාගෙන සිටියාය.                       
බිරිඳ නිවසින් පිටව ගිය අතරතුර මොහු නිවසේ මුදල් ඇත්දැයි සොයා බැලූ නමුත් කිසිවක්  හමුවු නොවූ තැන නිවසේ  නිදා සිටි දියණියගේ කරාබු දෙක දුටුවේය .        
 එය ගලවා ගත් මොහු හනික ගොස් එය උකස් කර මුදල් ලබාගෙන මත්කුඩු පානය කළේය.                              
නිවසට පැමිණි  බිරිය දියණියගේ කරාබු දෙක නොමැති බව දියණිය ගෙන් විමසූ නමුත් ඇය  නොදන්නා බව පැවසුවා ය.                 
අනතුරුව සිය සැමියා ගෙන් විමසූ විට ඔහු පැවසුවේ එය උකස් කළ බවයි.

කැලණිය ලාල් එස්. කුමාර

 



අදහස් (0)

අම්මා පුතාට බේත් ගේන්න ගිය අතරේ තාත්තා දුවගේ කරාබුව කුඩු පූජාවකට අරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 44 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 931 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site