IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අම්මා දූලා දෙන්නගේ පොලී සල්ලි ඉල්ලා දේවාලෙට විසිදාහක් පුදලා

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
තම දියණියන් දෙදෙනා තමාගෙන් ණයට ගත් පොලී මුදල් ආපසු ලබා ගැනීමට ගුරුකමක් කර දෙන ලෙස ඉල්ලා කෑගල්ල ප්‍රදේශයේ දේවාලයකට රුපියල් විසිදහසක් සමග පලතුරු වට්ටියක් පූජා කළ වියපත් මවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


කෑගල්ල ප්‍රදේශයේ ගමක 73 හැවිරිදි සිව් දරු මවක් තම බාල එකම පිරිමි දරුවා සමග මහ ගෙදර නිවසේ පදිංචිව සිටින්නීය. මෙම මවගේ සැමියා කලකට ඉහතදී මිය ගොසිණි. ඇයට ගැහැනු දරුවන් දෙදෙනෙක් හා එක් පිරිමි දරුවෙක් සිටිති. ගැහැනු දරුවන් දෙදෙනා පවුලේ වැඩිමලුන්ය. ඔවුහු විවාහ වී පොල්ගහවෙල හා බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටිති.


මෙම වියපත් මවට ගොඩ මඩ ඉඩම් හා මිල මුදලින් අඩුවක් නැත. මෙම ගොඩ මඩ ඉඩම් හා මිල මුදල් සිය සැමියා මිය යෑමෙන් පසුව උරුම වූවක් බව වාර්තා වෙයි. කොපමණ දේපළ මිල මුදල් තිබුණත් ඇය කලක සිට සියයට දහයක පොලී පදනම මත ඕනෑම මුදලක් දන්නා හඳුනන ඕනෑම කෙනෙකුට ක්ෂණිකව ලබා දෙන්නීය.


පොල්ගහවෙල පදිංචි දියණිය මීට මාස 9 ට පමණ ඉහතදී රුපියල් ලක්ෂ දෙකක මුදලක් හදිසියේ පොලී පදනම මත මාස කිහිපයකින්ආ පසු ගෙනත් දෙන බව පවසා මවගෙන් ඉල්ලාගෙන ගියාය. බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචි දියණියත් මීට මාස හතරකට ඉහතදී රුපියල් ලක්ෂයක් එලෙස ඉල්ලාගෙන ගියාය.


සල්ලිත් පොලී මුදලත් නියමිත කාලයට ආපසු ගෙනත් නොදුන් අවස්ථාවේ දී මව අවස්ථා කිහිපයකදීම දියණියන්ගේ දුරකථනවලට කතා කර ඒ සම්බන්ධයෙන් විමසීමක් ද කළාය. එහිදී දියණියන් දෙදෙනාම මේ දිනවල දරුවන් සමග ජීවත් වීමේ අමාරුකම් පවසා ඇත.


පසුව වියපත් මව ඉකුත් දිනකදී කෑගල්ල ප්‍රදේශයේ දේවාලයකට ගොස් දියණියන් දෙදෙනා මුදල් ආපසු ගෙනත් දේවිද යන්න පිළිබඳව නිමිත්තක් බැලු‍වාය. එහිදී කපුවා වියපත් මවට ප්‍රකාශ කර ඇත්තේ වරු තුනකින් මුදල් ආපසු ගෙන්වා දිය හැකි බවත් එලෙස ගෙන්වා දීමට පලතුරු වට්ටියක් සමග දියණියන් දෙදෙනාගේ නම් දෙක ලියන ලද කොළ කැබැල්ලක් සහ මුදලින් රුපියල් 20 000 ක් තබා පූජාවක් පවත්වන ලෙසය. 


වියපත් මව පසුදාම කපුවා කී ආකාරයට පූජාවක් පවත්වා ඇති බවත් පූජාව පවත්වා සතියක් ගතවී ඇතත් දියණියන් දෙදෙනා මුදල් ආපසු ලබාදී නොමැති වීම හේතුවෙන් මේ වන විට දැඩි කනස්සල්ලෙන් පසු වන බවත් වාර්තා වෙයි.

 



අදහස් (0)

අම්මා දූලා දෙන්නගේ පොලී සල්ලි ඉල්ලා දේවාලෙට විසිදාහක් පුදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site