(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
උප්පත්තියෙන් හිමි වූ නාමකරණය නිසා වසර ගණනාවක් තිස්සේ වෛද්‍යවරයකු ලෙස සමාජයේ පෙනී සිටීමේ වාසනාව උදාකරගත් පුද්ගලයකු පිළිබඳව පුවතක් කල්යාණි නදී තෙර අසබඩ ගම්මානයකින් වාර්තා වෙයි.

මේ ගම්මානයේ පදිංචිව සිටි යුවළකට උපන් මේ දරුවා වෛද්‍ය රත්ත නමදාන ලෙස ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ උපදෙස් දුන්නෝය. මේ දරුවා අධ්‍යාපනය ලබා කල මේරූ පසු විධායක ශ්‍රේණියක රැකියාවක් ද හිමි විය. මහා ලොකුවට මංගල්ලයක් ද ගත්තේය.
ඒ වනවිට මේ තරුණයා නිවස ඉදිරිපිට සිය නම සහිත පුවරුවක් ප්‍රදර්ශනය කළේය. සමාජයේ කාගෙත් ගරු බුහුමන්වලට කැමති වූ ඔහු ඊට උපක්‍රමයක් කල්පනා කළේය. සමාජයේ ගරු නම්බු ලබාගත හැකි ක්‍රමයක් සිහියට ආවේය. ඊට ඔහුගේ නම උපයෝගී කරගත් ඔහු ‘‘වෛද්‍ය රත්න’’ යනුවෙන් නිවස ඉදිරිපිට ප්‍රදර්ශනය කරන නාම පුවරුවේ සනිටුහන් කළේය.
මේ නිසා මේ පුවරුව දකින අයට හැඟීගියේ මේ නිවසේ වෛද්‍යවරයකු වෙසෙන බවයි. ඒ නිසාම කවුරුත් ඔහු අමතනු ලැබුයේ ‘ඩොක්ටර්’ යනුවෙනි.
ප්‍රදේශයේ සමිති සමාගම්වලින් හා යාළු ඥති මිත්‍රාදින්ගෙන් ද ලැබෙන නොයෙක් ලිපිවල ද වෛද්‍ය රත්ත මහතා යනුවෙන් සඳහන් කරන්නට විය. මෙය කා අතරත් තවමත් රහසකි. වෛද්‍යවරයා වුවත් කාටවත් බෙහෙත් කරන පාටක් නැතැයි යහළුවන් කල්පනා කළාලු. යාළුවන්ටත් ටිකක් දැන් මෙම රහස එහෙන් මෙහෙන් කණින් කොනින් දැනගෙන ඇත. එහෙත් එය එළිවේයයි ඔහු දහ අතේ කල්පනාකරමින් සිටිනවාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්න ඕනෙ බූරුවෙක් දන්නවා... වෛද්‍ය රත්න කියන්නේ වාසගමක් කියලා...
අනිත් අයට බූරුවන් කිව්වාට ඔබ තමයි වරදවා තේරුම් අරන් තියෙන්නේ.. වෛද්‍යරත්න කියලා දාලා තියෙන්නේ මුලින් එන නම්, නැතුව වාසගම නෙමෙයි.