හිඟුරානේ නවරත්න සමරතුංග
ගුරුවරියක නොවන එක්තරා තරුණියක වෙත ඉංග්‍රීසි ඉගෙන ගැනීම සඳහා යැවූ බාල වයස්කාර ගැහැනු ළමයකුට ඉගැන්වූ “අමුතු“ වචනයක් හේතුවෙන් කෝපයට පත්වූ ඇගේ මව ඇය වෙත ගොස් ශුද්ධ සිංහලෙන් ඇමතු බව කියන සිද්ධියක් අම්පාර දිස්ත්‍රික් මායිමේ පිහිටි කොළනි ප්‍රදේශයකින් වාර්තාවේ.
එම සිද්ධිය මෙසේය.
කොළඹ ගල්කිස්ස ප්‍රදේශයේ සිට මෑතකදී තම ඥාති නිවසකට පැමිණ සිටි ඇය රැකියා විරහිත තරුණියක බවත්, ඇයට හොඳින් ඉංග්‍රීසි කතා කළ හැකි බවත් කියති.
ඒ අනුව අසල්වැසි කාන්තාවක තම බාල වයස්කාර දියණිය ඇය වෙත යවා ඇත්තේ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගැනීම සඳහා බව කියති. සද් භාවයෙන් යුතුව අය කිරීමක් නැතිව පන්තිය පැවැත්විණි.
මේ අතර පසුගිය වෙසක් සතියේ දන්සල් කෑමට යමින් සිටි කාන්තාවෝ පිරිසක් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් මහ ඇළ ඉවුරක ගමන් කරමින් සිටියහ.
“ලබන වෙසක් පෝයට අපිත් පොල් එක්ක උම්බලකඩ දන්සලක් දෙමු” යැයි එක් කාන්තාවක් පැවසුවාය.
එය ඇසු තවත් කාන්තාවක් “හරිම රසයි මමත් කාලා තියෙනවා”යැයි කීවාය. “ඔයාලා බල මාළුයි පොලුයි බතුයි කාලා තියෙනවාද?” තවත් කාන්තාවක් විමසද්දී ඔවුන් සමඟ යමින් සිටි දැරිය එක් වරම “පොල් සමඟ ..... කාල තියෙනවාදැයි” ඇන්ටිලාගෙන් විමසුවාය.
එය ඇසුණ වැඩි හිටි කාන්තාවන් සියලු දෙනා තූෂ්නිම්භූත වී මුහුණෙන් මුහුණු බලා ගනිද්දී ලැජ්ජාවට පත් එම දැරියගේ මව “කවුද ඔයාට ඕක කියා දුන්නේ” යැයි ප්‍රශ්න කළාය.
“ඉංග්‍රීසි උගන්වන අක්කා” යැයි පැවසූ දැරිය “ඒකේ තේරුම නම් එයා කියාදුන්නේ නැතැයි” කිසිදු ගානකට නොගෙන පැවසුවාය.
දන්සල් කෑමට යන ගමන වහාම නතරකළ එම දැරියගේ මව ඉංග්‍රීසි ඉගැන්වූ තරුණිය සිටින නිවසට පැමිණි ශුද්ධ සිංහලෙන් බැණ වැදුනාය.
සියල්ල අසා සිටි තරුණිය. “ඩෝන්ට් වොරි අක්කේ...! මේක මිස් අන්ඩස්ටෑන්ඩ් එකක් ! මම ළමයාගෙන් ඇහුවේ ඔයා කියන වචනයක් නෙවෙයි ...පොල් එක්ක පාන් කාල තියෙනවාද? කියල නේ.”..යැයි පැහැදිලි කළාය. එවිට දැරියගේ මව කිසිවක් නොකියා හිසේ අත ගසාගෙන ආපසු හැරි ගිය බව කියති.
තරුණිය පැවසූ ‘බ්‍රෙඩ්’ යන වචනය දැරියට ඇසී ඇත්තේ අසැබි වචනයක් ලෙස යැයි පසුව දැනගන්නට ලැබිණ.
2025 ඔක්තෝබර් මස 08
1902
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1521
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
532
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අමුතු වචනෙට සුද්ද සිංහලෙන් අමතලා
vernon Thursday, 22 May 2025 09:03 AM
පොල් හිඟ කාලේ පොල් එක්ක උම්බලකඩ දන්සැල් දෙනවාද? අනික ඒ මොන කෑමක්ද දන්සැලකට? ඊටත් වඩා ඉංග්‍රීසියෙන් බ්‍රෙඩ් කියන වචනය ඉංග්‍රීසි ඉගෙන ගන්න ගිය යුවතිය දන්නෙ නෑ. අතේ රෝල් බොරු.
Gisha Jayamannna Thursday, 22 May 2025 06:04 PM
ඒ වචනෙ මොකක්ද?