IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අනියම් බිරිය හොයාගෙන ගියාම මැරතන් දුවන්න වෙලා

ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර
කලකට පසුව අනියම් බිරියකගේ පහස ලබන්නට ගිය අනියම් සැමියකුට පස්ස නොබලා දුවගොස් සැඟව සිටින්නට සිදුවූ පුවතක් දකුණේ ගමකින් වාර්තාවේ.
ඔහු පෞද්ගලික ආයතනයක රියැදුරෙකි. තිදරු පියකු වූ ඔහු ගමේ ඇහැට කනට පෙනෙන තරුණ කාන්තාවන් දැලේ දාගෙන ඔවුන් හා අනියම් ඇසුර පවත්වාගෙන යමින් පෙම්සුව විඳීම ගමේ කොයිකාටත් එතරම් රහසක් නොවීය. 
කලක් යද්දී මෙය ඔහුගේ බිරිය ද දැනගත් අතර ඇය කෙතරම් උත්සාහ කළත් සැමියාගේ මේ නොමනා හැසිරීම නතර කරන්නට ඇය සමත් නොවූවාය. අවසානයේ ඇය කළේ විදේශගතව සිටින වැඩිමහල් සොයුරා ලවා තම සැමියාට ද එම රටේ රැකියාවක් සොයා දී ඔහු එහි පිටත්කර යැවීමය. 


අවුරුදු පහකට පමණ පසුව පසුගියදා සැමියා යළි මෙරටට පැමිණියේය. පැමිණ ටික දිනකින්ම සැමියාට හොර අඹුවන්ගේ පහස මතක් විය. තමා වැඩියෙන්ම ඇලු‍ම් කළ ගමේ අනියම් බිරියකගේ සැමියා රැකියාව කළේ ඈත පළාතකය. එනිසා ඔහු නිවසට ආවේ ගියේ සති අන්තයක පමණි. එනිසා සුපුරුදු පරිදි එක්තරා රාත්‍රියක ඔහු එම අනියම් බිරිය සොයා ඇගේ නිවස වෙත ගියේය. 
වෙනදා මෙන් ඇය නිදා සිටින කාමරයේ ජනේලය අසලට ගොස් පුරුදු සංඥාව කළේය. වෙනදා නම් ඒ සංඥාව ඇසුණු සැණින් ඈ කාමරයේ ජනේලය විවර කරන අතර කිසියම් බාධාවක් නැති ජනේල් කවුළුවෙන් ඇතුළුවන ඔහු එළිවන ජාමය වනතුරු ඇය සමග පෙම්සුව වින්දේය. 


එහෙත් මෙදින ඔහු කිහිප වරක්ම ජනේලයට සුපුරුදු සංඥාව කළ ද ජනේලය විවර නොවීය. සිදුවූයේ වෙනත් දෙයකි. එකවරම විදුලි පන්දමක් දල්වාගෙන පොල්ලක් අතින් ගත් ඇඟපත හැඩි දැඩි පුද්ගලයකු නිවෙසින් එළියට ආවේ කෑගසාගෙනය. වැඩේ වැරදුන බව දැනගත් මේ හොර සැමියා පස්ස නොබලා දුවගොස් ඊට මඳ දුරකින් පිහිටි කැලෑ රොදකට වී හති ඇර සියල්ල සන්සුන් වූ පසු සිය නිවෙසට ගොස් කිසිවක් සිදු නොවූ අයුරින් නිදාගත්තේය.
පසුදා උදෑසන අවදි වූ ඔහු අනියම් බිරිය ගැන සොයා බලද්දී දැනගන්නට ලැබුණේ ඇය සැමියා රැකියාව කරන ප්‍රදේශයේම පදිංචියට ගොස් ඇති බවය. දැන් එම නිවසේ සිටින්නේ එම නිවස කුලියට ලබාගත් පවුලක් බවය.
එහෙත් ඒ වනවිට පෙරදා රාත්‍රී සිදුවූ සිද්ධිය ගම පුරා පැතිරී ගොස් තිබූ අතර අතීතය දත් ගම්මු එම නිවසේ පිටුපස සිට දුවගිය පුද්ගලයා හරියටම අනුමාන කළහ. මේ නිසා ගම්මු “මේ සැරේ හොරා කන්න ගිහින් වැඩේ වැරදුණා නේදැයි”‍ කියා අසද්දී ඔහුට මළ පනිනවාලු.



අදහස් (0)

අනියම් බිරිය හොයාගෙන ගියාම මැරතන් දුවන්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 99 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 901 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site