IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


අනියම් පුරුෂයකු සමග දීග කාලා මියගිය සැමියාගේ දේපළ ඉල්ලලා

සිය නීත්‍යනුකූල සැමියා හැරදමා අනියම් පුරුෂයකු සමග දීග කෑමට ගිය තැනැත්තියක වසර පහළොවකට පසු නීත්‍යනුකූල සැමියා දිවිහානිකර ගැනීමෙන් අනතුරුව ඔහුගේ වත්කම් හා දේපොළ ඉල්ලා සිටීමේ පුවතක් තලාතුඔය නගරයට නුදුරු ගමකින් වාර්තාවේ.
වෘත්තියෙන් වඩු කාර්මිකයකු වූ ඔහු හැරදමා බිරිඳ අනියම් පුරුෂයකු සමග දීග කෑමට ගිය හෙයින් ඔහු ද අනියම් බිරින්දෑ කෙනෙකු වෙත ළංවී තිබේ.
එහෙත් ඇය නීත්‍යනුකූලව විවාහ කර ගෙන නැත. දරුමල්ලන් ද ලබා ඇය සමග ජීවත් වූ ඔහු ඉකුත්දා ගෙළ වැළලාගෙන මිය ගියේය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව නීත්‍යනුකූල බිරිඳ වෙත මළ සිරුර භාර දෙන ලෙස අධිකරණය පොලීසියට නියෝග කළේය.


ඒ අනුව පොලිස් නිලධාරීන් දෙදෙනකු මියගිය පුද්ගලයාගේ නීත්‍යනුකූල බිරිඳ පිළිබඳ තොරතුරු සොයා විවිධ ප්‍රදේශවල සැරිසරා හඟු‍රන්කෙත නගරයට නුදුරු ගමක ඇය වෙසෙන බව දැන එහි ගොස් නීත්‍යනුකූල සැමියා මියගොස් ඇති බව දන්වා අධිකරණ නියමය අනුව සැමියාගේ දේහය බාරගන්නා ලෙස දැනුම් දී තිබේ.
ඒ අනුව ඇය නීත්‍යනුකූල සැමියාගේ දේහය බාර ගෙන එදිනම අවසන් කටයුතු නිම කළාය.


දින දෙකකට පසු එම තැනැත්තිය මියගිය පුද්ගලයාගේ නිවසට ගොස් මෙතෙක් අනියම් බිරිඳක් ලෙස සිටි තැනැත්තියට කියා ඇත්තේ තම සැමියාගේ වටිනා බඩුමුට්ටු හා මුදල් ඇති බවත් නීත්‍යනුකූල බිරිඳ ලෙස ඒවා තමාට අයත් බවත් තම සැමියා සතු දේපොළ හා වත්කම් තමා වෙත ලබාදෙන ලෙසත්ය.
“ඒ මිනිහාගේ ඇති බඩු මුට්ටුවක් නෑ, එදා වේල හම්බ කරගෙන තමා කෑවේ. අවුරුදු පහළොවක් යනතුරු සොයා බැලු‍වේ නෑ, මමයි කන්න බොන්න දුන්නේ, පොඩ්ඩක් ඉන්නවා මම බඩුමුට්ටු දෙන්නම් යයි පවසා ඇති ඇය නිවස තුළට ගොස් තිබේ.


අනතුරුව කියතක්, යතුකැටයක්, නියන් කිහිපයක්, අතකොලු‍වක් හා මිටියක් ද ඒවා දමා තිබූ හම් බෑගයක් ද මිදුලට විසිකර ‘‘ඔන්න නල්ලමලේ මිනිහගේ සබ්බ සකල මනාව තියෙනවා අරගෙන යනවා”‍..යි පවසා තිබේ.
අනතුරුව තම සැමියාගේ බඩුමුට්ටු හා දේපළ තමාට නුදුන්නේ යයි පවසා අනියම් බිරිඳ ට එරෙහිව ඇය පොලීසියට පැමිණිල්ලක් ද කර තිබේ.



අදහස් (0)

අනියම් පුරුෂයකු සමග දීග කාලා මියගිය සැමියාගේ දේපළ ඉල්ලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 628 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17609 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site