සිය නෑ කෝරලයේ ලී ඉරුම් පට්ටලයක වැඩ කරන මේ යහළුවන් පිරිස හැම වැඩක්ම කළේ එකටය. පසුගිය දා එක් යහළුවකු වැඩට නොපැමිණි නිසා ඒ ගැන විමසූ ඔවුන්ට දැනගන්නට ලැබුණේ යතුරුපැදියෙන් එන ගමන් රිය අනතුරකට ලක්ව ඇති බවකි. වහාම ඔහුගේ තත්ත්වය සෙවීමට යාම සඳහා එක් අයකුට පැවැරුණ අතර තම කමිසය පරණ නිසා වෙනත් යහළුවකුගේ කමිසයක් ඇඟලාගෙන ඔහු කඩිනමින් පිටත්ව ගියේය. මොහොතකට පසුව ඔහුගෙන් දුරකතන ඇමතුමක් ආවේ කමිස සාක්කුවේ තිබුණු ගංජා පැකට්ටුවක් සමග තමා පොලීසියට කොටුවී ඇති බවකි. කමිසය අයිති යහළුවා හෙමිහිට එතැනින් ලිස්සා ගියත් තම කණ්ඩායම අතර ගංජාකාරයකු සිටීම ගැන අනෙක් හැමදෙනාම මවිතයට පත්වී සිටිනවාලූ.
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අනුන්ගේ කමිසයක් ඇඳගෙන ගිහින් පොලිස් කූඩුවේ ලගින්න වෙලා
බාතොට Wednesday, 25 July 2012 12:43 PM
අසේවනාච බාලානං - පණ්ඩිතානන්ච සේවනා බුදු දහම සැමදා සත්‍යයි. (නි)
වරුණ Tuesday, 24 July 2012 11:32 AM
පාප මිත්‍ර සේවනයේ ආනිසන්ස.... (ස)
රන්ජන් Tuesday, 24 July 2012 11:51 AM
අන්න දැක්ක නේද අනුන්න්ගේ දේවල්වලට ඇගිලිගහන්න ගියහම තමන්ට වෙනදේ ?? තමන්ගේ ෂර්ට් එක ඇදගෙන ගියානම් අනුන්ගේ පව් කිරන්න වෙන්නේ නැහැනේ . දැන්වත් ඉගෙනගන්න ලද දෙයින් සතුටුවෙන්න සහ සරල ජීවිතයකට පුරුදුවෙන්න .. (ස)
සජී Wednesday, 25 July 2012 01:23 PM
මේ කතාව ඇහුවහම මා මවිතයට පත්වුණා. (නි)
අමිල Wednesday, 25 July 2012 07:36 AM
එයාට විහිළු කරන්න එපා.පවු. නැති බැරි කමටනේ අනුන්ගේ එකක් අදින්න ඇත්තේ. (නි)
යහම්පත් Wednesday, 25 July 2012 07:58 AM
මේ පුද්ගලයාව හිරේට යවන එක නම් මහ අපරාධයක්. මොකද ඔහු වැරදිකරුවකු නොවේ. (නි)
සමා Tuesday, 24 July 2012 12:05 PM
ගණන් ගන්න එපා රටේ කොච්චර අපරාධ තියෙනවද .....මේ ආශචර්‍යකරා යන ගමනේ අපි ඉන්නේ....රටම විනාසයි... (ස)
නාමල් Tuesday, 24 July 2012 05:33 PM
අනුන්ගේ 1 ඇඳට මැරෙනවද (දී)
අමිල කටුනායක Tuesday, 24 July 2012 12:26 PM
පොලීසිය කොහොමද හරියටම ඇල්ලුවෙ මෙයාව.... (ස)
සන්ජීව බණ්ඩාර Tuesday, 24 July 2012 12:29 PM
ඒ දුප්පත් කොල්ලා තමන්ගෙ ඇදුම් ඉරිලා නිසා වෙන්න ඇති යාලුවගෙ එකක් ඇදගෙන ගියේ.. කරන්න දෙය්ක නැහැ... ඕවට තමයි කියන්නෙ කරුමය කියලා..(නු)
ප්‍රියන්ති Monday, 30 July 2012 01:30 PM
මාර වැඩේ නේද ??? (ස)
මදූ Tuesday, 24 July 2012 12:49 PM
ලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ....කොල්ලෝ මේ වගේ දේවල් කරනවා..... (ස)
රුවන් ගමගේ Tuesday, 24 July 2012 12:50 PM
ගංජ බිව්වත් එකයි, බොන අය ආශ්‍රය කරත් එකයි.....බොන අයට එහි ආදීනව කියා නොදුන්නත් එකයි...මල්ලී ඕකට කියන්නේ කරුමය කියලා....දැන් ඉතින් දවස් 14 ක් බෝඩිමේ ඉඳල එන්න.... (ස)
සමීර Thursday, 26 July 2012 12:16 AM
මේ පුද්ගලයා වැරදි නැත. (නි)
සමීර Thursday, 26 July 2012 12:15 AM
මේ මනුස්සයා වැරදි නෑ...(ස)
චන්දි Tuesday, 24 July 2012 01:16 PM
අනුන්ගේ ඒවා ඇඳගෙන යනවට හොඳ පාඩම.... (ස)
චන්දි Tuesday, 24 July 2012 01:20 PM
මරු වැඩේ නේද? (නි)
ලලිත් Tuesday, 24 July 2012 01:48 PM
හොදයි මල්ලී.උසාවියටයි, කූඩුවටයි ගිහිල්ලා පොඩි විවේකයක් අරන් එන්නකෝ. (නි)
සේනානායක Tuesday, 24 July 2012 11:17 PM
අනුන්ගෙ දේ අනුන්ගෙමයි.. නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕව හොද පාඩම්...!!(නු)