හබරාදූව රම්‍යා බිංඳුහේවා
පියකු නීතිඥවරයකුට හොර රහසේ යැවීමට උත්සාහ කළ සිය අන්තිම කැමැති පත්‍රය පුතාට හසුවීමෙන් පසු ඇතිවූ රණ්ඩුවකින් පියා නිවෙසින් පන්නා දැමීමේ සිද්ධියක් හබරාදූවට නුදුරු ප්‍රදේශයකින් වාර්තාවේ.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
වියපත් පියෙක් පසුගිය දිනෙක අන්තිම කැමැති පත්‍රය ලියා නීතිඥවරයකුට තැපැල් කරන ලෙස පවසා සිය මිණිපිරියට දුන්නේය. මිණිපිරිය නීතිඥවරයාගේ ලිපිනය ලියනු වෙනුවට වැරදීමකින් ලියා ඇත්තේ තම නිවෙසේ ලිපිනයයි.
මේ අනුව තැපැල් කළ ලිපිය නිවෙසටම ලැබුණේය. ලිපිය කඩා බැලූ පුතාට දැකගන්නට ලැබී ඇත්තේ ඇස අදහා ගත නොහැකි දෙයකි. පියා අන්තිම කැමැති පත්‍රයෙන් සියලු දේපළ ඔහු රැකබලා ගත් ඥාති දියණියකට ලියා ඇත.
පුතාට හොඳටම කේන්ති ගියේය. අන්තිම කැමැති පත්‍රය රැගෙන පියා ළඟට ගිය පුතා තාත්තාට බැණ වැදුණේ ලුණු ඇඹුල් ඇතිවය. පියා කරගත හැකි කිසි දෙයක් නොමැතිව නිහඬව බලා සිටියේය.
මේ ගැටුම අන්තිමට අවසන් වූයේ පියා නිවෙසින් එළවා දැමීමෙන් පසුවය. සිද්ධියෙන් අසරණ වූ පියා දැන් මහලු නිවාසයක නවාතැන් ගෙන සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවා විසින් පියා නිවසින් එලවා දැමීම අසාධාරණ තීරණයකි. දරුවකු උපතේ සිට අවම වශයෙන් රැකියාවකට යන තුරු හදා වඩා ගන්නට දරන වෙහෙස මහන්සිය දුක් කන්දරාව දන්නෙ පියෙකු ම පමණි. මෙම ලිපියට අනුව දේපොළ පවරා ඇත්තේ ඔහුව රැක බලා ගත් දියණියකටය. ඉන් අදහස් වන්නේ පුතා විසින් දැනටමත් තම පියාට සැලකීම අතහැර ඇති බවව