IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


‘අනිත් මහත්තයාට’ කොවිඩ් එන්නත දෙන්න ගිහින් මහත්තයාගෙන් කනේ පහරක්

(මොරගොල්ලාගම  සිසිර කැලේගම)
 කොවිඩ් එන්නත්කරණයේදී විවාහක බිරියක් හඬා වැටුණි. ඒ අතට එන්නත්කරණයේ දී රිදුණු නිසා නොව තම සැමියා සමාජයක් ඉදිරිපිට වැරෙන් දුන් කනේ පහරක් නිසාය.


ඇතුගල්පුරයට අයත් මූලික රෝහලකින් සිද්ධිය වාර්තා වේ.


පවතින කොරෝනා ව්‍යසනය හමුවේ එන්නත්කරණය සිදුවීමෙන් අනතුරුව එම සෞඛ්‍ය අංශවල පවුල්වල සාමාජික සාමාජිකාවන්ට එන්නත්කරණයද සිදු කෙරුණි.


මේ නිසා දන්නා හඳුනන පිරිස් සෞඛ්‍ය සේවාවට සම්බන්ධ වී වයස් පරතරවලින් තොරව විත් එන්නත් කරණයට අවැසි පත්‍රිකාව පුරවා තම වාරය පැමිණෙන තෙක් රෝහල් පෝලිමේ රැඳී සිටිති.


එම පත්‍රිකාව අතේ තබා ගත් විවාහකයකු එන්නත් කර ගැනීමෙන් අනතුරුව  ඔහුගේ බිරියද එන්නත් කර ගත්තාය.


සැමියා සමඟ නික්ම ගිය ඇය සැමියා ගේට්ටුව අසල නවතා පොලිම් අතරින් එන්නත්කරණය සිදුකළ කාර්ය  මණ්ඩලය අසල නැවතුණාය. 


ඇය යමක් කියයි. එයට සවන් දුන් හෙදියක් ඇය වෛද්‍යවරයා වෙත යොමු කළාය.


‘‘සර්, මෙයා එයාගේ මහත්තයාටත් එන්නත් කර ගන්න අහනවා’’


‘‘දැන් ඔයා මහත්තයාත් එක්ක එන්නත් කර ගත්තා නේද’’


‘‘ඔව්, එයාට නෙමෙයි මගේ අනිත් මහත්තයාට.’’ ඒ අනියම් සැමියාට බව වටහා ගත් දොස්තර ඇය ඇමතුවේය. 


‘‘ඔයා  මෙතැන්ඩ විදින්ඩ ආවේ කාගේ හිතවත් කම් මතද?’’


ඒ අනුව ඇය පැමිණි සෞඛ්‍ය සේවාවේ ඥාතිත්වය  කීවාය. අදාළ සෞඛ්‍ය සේවිකාව  ද  ගෙන්වූවාය.


මේ අතර තම බිරිය පමා ඇයි දැයි සොයා ගේට්ටුව අසල සිටි සිය සැමියාද එහි පැමිණියේය.


සිදුවෙන්න යන කාරණාව වටහා ගත් ඔහු දකුණු අත ඔසවා ඇයගේ කම්මුල දෙසට වැරෙන් පහරක් දුන්නේය.


‘‘අතට එන්නත්කරණයේදීවත් ඔච්චර රිදුනේ නැතිව ඇති නේද ?’’ පෝලිමේ සිටි පිරිස් ඔච්චමට මෙන් අසන්නට වූහ.


ලැජ්ජාවට පත් තරුණ විවාහක කත කම්මුල අල්ලාගෙනම කිසිත් නොකියා රෝහල් වැටෙන් නික්ම යද්දී සැමියාද ඇය පසු පස ගියේය.

 



අදහස් (0)

‘අනිත් මහත්තයාට’ කොවිඩ් එන්නත දෙන්න ගිහින් මහත්තයාගෙන් කනේ පහරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 17 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1554 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site