IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


අනාගත ලේලියගේ වංහුං හොයන්න ගිය මාමණ්ඩි කඹේක පැටලිලා

පුතාගේ පෙම්වතියගේ තොරතුරු සොයන්න ඇයගේ ගමට ගොස් රහස් පොලිස් රගපෑමක් කළ මාමණ්ඩිය අල්ලා පොලිසියට භාර දුන් අපූරු කතාවක් දකුණු පළාතේ දුෂ්කර ගම්මානයකින් වාර්තාවේ.
ආරක්ෂක අංශයක සේවය කරන පෙම්වතාගේ පියා වෘත්තියෙන් බලයෙන් හිස උදුම්මාගෙන ක්‍රියා කරන පුද්ගලයෙකු බවට අවට ගම් කීපයක ද ප්‍රසිද්ධියක් ඉසිලීය.
තෝරාගත් පිරිසක් පමණක් ආශ්‍රය කිරීමට පුතාට සහ බිරිඳට අවසර ලැබුණු අතර තරුණයා සමාජශීලි ගමේ සියලුම දෙනා සමග ඉතාමත් සුහදව ආචාරශීලි ලෙස හැසිරෙන පුද්ගලයකු ලෙස හැමදෙනා අතර ජනප්‍රිය වී සිටියේය.
පියාගේ නිල ඇඳුමේ රස්නය නොවැදුණු තරුණයා සරසවි කඩඉමද ජයගෙන රජයේ රැකියාවක ද නිරතව සිටියේය. පුතාට සරසවියේදී දැන හැදිනගත් තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති බවට බිරිය ලබාදුන් ආරංචියත් සමග පියා යක්ෂාරුඩ වූයේය. බිරියට ද බැන වදිමින් පුතාගේ පෙම්වතිය පිළිබඳව තොරතුරු හාරා අවුස්සන්නට වූයේ නිල ඇඳුමේ රස්නය හතර වටින්ම පිට කරමිනි.
පුතාගේ පෙම්වතිය දුෂ්කර ප්‍රදේශයක තැනැත්තියක බව දැනගත් පියා ඇයගේ වතගොත සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කළේය. ඉන් නොනැවතුණ ඔහු කිලෝමිටර් එකසිය පනහකට වැඩි දුරකින් පිහිටි පුතාගේ පෙම්වතියගේ ගමට යාමට තීරණය කළේය. නිවාඩුවක් ද ලබාගෙන උදේ පාන්දරින් යතුරු පැදියට ගොඩ වුණ පියා පෙම්වතියගේ ගමට ගොස් හමුවන පුද්ගලයන්ගෙන් තොරතුරු විමසන්නට විය.


තරුණියගේ මව පියා ගොවිතැනින් ජීවත් වූ අතර ඔවුනට දියණියන් දෙදෙනකු පමණක් සිටි අතර ගමේ හැම දෙනාම ඔවුනට ආදරය කළහ. විවිධ දේවල් ගැන විමසමින් පෙම්වතාගේ පියා ගමේ හැම තැනම ඇවිද ගිය අතර යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනකු නවතා අනාගත ලේලියගේ නිවස පිළිබඳව වටින් ගොඩින් තොරතුරු විමසන්නට විය. ගමට පැමිණි ආගන්තුකයා පිළිබඳව සැක සිතුණ තරුණයන් තම මිතුරන් කිහිප දෙනකු ද එතනට කැඳවා ඔහුගෙන් ප්‍රශ්න කළේ නිසි ලෙස හඳුනාගෙන උදව් කිරීමටය. නිල ඇඳුමේ රස්නය ඔළුවට දැනුන පෙම්වතාගේ පියා තරුණයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා වෙනුවට ඔවුන් සමග වාදයකට පැටලු‍ණේය.
එම ස්ථානයට පොලිසිය කැඳවූ තරුණයෝ ආගන්තුකයා පොලිසියට භාර දුන්හ. පෙම්වතාගේ පියාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු තමන් පැමිණි කාරණය පොලිසියට හෙළි කළේය. නිලබලය අවභාවිත නොකරන ලෙස පෙම්වතාගේ පියාට පොලිසිය අවවාද කර තරුණයන්ට කාරණය පැහැදිලි කළේය.
අනාගත ලේලිය පිළිබඳ තොරතුරු සෙවීම අවසන් කර ඇයගේ ගමෙන් කඩිනමින් පිටව ගිය අතර ගමේ තරුණයන් විසින් සිය යෙහෙලියට සිදුවීම පවසා ඇති අතර පියා නිවසට යාමට පෙර පෙම්වතාගේ කනට ද ආරංචිය ලැබී තිබුණු අතර පසු දින රාජකාරියට වාර්තා කළ පසු ප්‍රධානියා පෙර දින සිදුවීම පිළිබඳව ප්‍රසිද්ධියේ දොස් පැවරීම නිසා කාර්යාල මිතුරන් ද සිද්ධිය දැන ගත්තේය.
ලේලි කොහොමද යනුවෙන් පෙම්වතාගේ පියාගෙන් මිතුරන් විමසන විට ලු‍ණු ඇඹුල් සහිතව ඔහු පිළිතුරු සපයන බවත් සැලවේ.

 

හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන



අදහස් (0)

අනාගත ලේලියගේ වංහුං හොයන්න ගිය මාමණ්ඩි කඹේක පැටලිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 582 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 729 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 640 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 1236 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 715 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


අවුරුදු උළේලෙ සැගවුණූ අමුත්තාට දරුවකු සමග තරුනියක් තෑගි
2025 අප්‍රේල් මස 26 771 0

අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 614 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 155 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1181 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site