විවාහ කර ගැනීමට අපේක්ෂිත යුවතියගේ මව පියා සහ සොහොයුරාට අමුතු බතක් දීමට ගොස් විවාහය කඩාකප්පල් කර ගත් ගොවි තරුණයෙකු පිළිබඳ කතාවක් කැබිතිගොල්ලෑව පළාතේ ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
ඔහු තරමක් මෝඩ පහේ ගැමි තරුණයෙකි. එහෙත්, හේන් කුඹුරු වැඩ මනාව කළ නිසා අගහිඟකමක් නැත. මෙම තරුණයාට නුදුරු ගමකින් තරුණියක විවාහ කර ගැනීම සඳහා මංගල යෝජනාවකින් සැලසුම් කර තිබුණි.
දිනක් තම ගම් ප්‍රදේශයේ සිට එම තරුණියගේ මව පියා සහ සහෝදරයා කිසියම් පෞද්ගලික කටයුත්තක් සඳහා ගොවි තරුණයාගේ ගමට යාබද ස්ථානයකට පැමිණ සිටිය දී, ගොවි තරුණයාට අහම්බෙන් මුණ ගැසුණි.
තරුණයා ඔවුන්ගෙන් ආගිය තොරතුරු විමසා, තම නිවසට ගොස් කෑම ටිකක් කාලා යමු යැයි යෝජනා කළේය.
ඔහුගේ අනාගත නැන්දා මාමා සහ මස්සිනා කොතරම් අකමැති වුව ද, ‘‘වෙන්න බෑනාගේ” පෙරැත්තය අහක දැමීමට බැරිම තැන ඔවුහු කෑමට අනාගත බෑනා ගේ නිවසට පිය නැගූහ.
අද අපේ ගෙදර අම්මලා අප්පච්චිලා ගමනක් ගියා. උදේට උයපු බත් මාළු, තියෙනවා. මුදවපු කිරි හට්ටියකුයි, දඩමස් හට්ටියකුයි උයල තිබුණා. මම ඉක්මනට බෙදාගෙන එන්නම්”. යැයි පවසා, නෑදෑයන්ට අත් සෝදා ගැනීමට වතුර ද අල්ලා කඩිමුඩියේම මුළුතැන්ගෙට පැන්නේ ය.
සෝදාගත් අත්වල වතුර වේළී යන තුරුම බත් නොලැබුණු බැවින්, නැන්දම්මා කුස්සියට ගොස් විපරම් කර බැලුවා ය. ‘‘වෙන්ඩ බෑනා” කුස්සියෙන් පැන ගොසිනි. පිඟන් තුනක් පෙනෙන්නට තිබුණු අතර, බතුයි, මසුයි. කිරියි තිබූ හට්ටි සියල්ලම හිස් වී තිබෙන අයුරු නැන්දම්මා දුටුවාය.
ඒ සමගම මස්සිනාගෙ දුරකතනය නාද විය. ‘‘මචං, බතුයි, මසුයි, කිරියි අපේ ගෙදර හැතිකරේ කාටදෝ අරන් ගිහිල්ලා.” කියමින් අනාගත බෑනා දුරකතනය විසන්ධි කළේය.
නෑදෑයන් තුන්දෙනා මුවින් නොබැන තම නිවසට ආපසු පැමිණියහ. ඒ සමගම අනාගත බෑනාගේ දුරකතනය නාද විය. ‘‘මචං, බතුයි, මසුයි, කිරියි නිසා අපේ ගෙදර හැතිකරේ අපේ නංගී වෙන එකෙකුට දෙන්න තීරණය කරලා.” යැයි කියමින් අනාගත මස්සිනා දුරකථනය විසන්ධි කළේය.
කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
2025 දෙසැම්බර් මස 16
98
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
901
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අනාගත බෑනාගේ බතුයි මසුයි කිරියි සංග්‍රහයෙන් විවාහය දෙදරලා