IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘අනාගත බෑණාගේ’ මාපිය සැලකිල්ල මාමණ්ඩියගේ දඩ කොළෙන් එළියට පැනලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
පෙම්වතියගේ මවගේ හිත දිනා ගැනීමට තමන්ගේ මවට මෙන්ම මහත් ආදරයෙන් සලකනවා යයි කියමින් බොරු රංගනයක යෙදී සිටි පෙම්වතකු තමන්ගේ මෑණියන්ට සලකන අයුරු හෙළිවීමෙන් පෙම්වතිය අහිමි වූ අපූරු පුවතක් දකුණේ කොණේ නගරයකින් වාර්තාවේ.


 යමක් කමක් තියෙන තැනක රූමත් දැරියක ඔහු දපනේ දාගත්තේ ඔහුගේ රූපසොභාවට මිල මුදලටත් පින්සිදුවන්නටය.


තරුණිය ඔහු හා පෙමින් වෙලු‍ණත් ඇය සහේට ගැනීමට නම් අනිවාර්යයෙන්ම ඇයගේ මෑණියන්ගේ හිත දිනා ගත යුතුව තිබිණ. ඒ පෙම්වතිය ඔහුට දැන්වූ පරිදිය. මේ නිසාම ඔහු නිතරම පෙම්වතියගේ මව ගැන සොයා බැලු‍වේය. ඒ තමන්ගේ මවගේ ඕනෑකම් සොයා බලනවා යයි කියමිනි. ඔහු නිතරම උත්සහා කළේ තම මවට මෙන්ම පෙම්වතියගේ මවට ද බොහෝම ආදරය බව පෙන්වීමටය.


 පෙම්වතියගේ නිවසේ දුරකතන අංකය ගෙන ගොස් ඇයගේ මවගේ සුවදුක් විමසුවේය. කෑවා ද බිව්වා ද සොයා බැලු‍වේය. එමෙන්ම පෙම්වතිය බැලීමට නිවෙසට යනවිට ඇයගේ මව කෑමට බීමට කැමති ආහාර පාන මෙන්ම තෑගි භෝග ද රැගෙන යාමට ද හේ අමතක නොකළේය.


මේ නිසාම මුලදි මුලදී මොහුට පෙම්වතියගේ මව තිබූ අකමැත්ත ටිකෙන් ටික පහව යමින් තිබිණ. ඒ සමගම ඔහු තව තවත් පෙම්වතියගේ මවගේ හිත දිනා ගැනීමට කටයුතු සම්පාදනය කරමින් සිටියේය. සිය පෙම්වතිය නිවසේ තනි කෙල්ල මෙන්ම එකම දරුවා නිසා කොහොම හරි ඇය කසාද බැඳගතහොත් රැකියාවක් නොකර නිදහසේ ජීවත්වීමට තිබූ හැකියාව පිළිබඳව නිතර සිහිපත් වූ නිසාම ඔහු මෙලෙස කටයුතු කළේය.


මෙසේ කාලය ගතව යද්දී පෙම්වතියගේ පියා නගරයේ පොලීසියට ගියේ රථ වාහන නීති කඩ කිරීමේ වරදට ලියා ගෙවා දමන දඩ කොළයක් පෙන්වා රියදුරු බලපත්‍රය ගැනීමටය. එහිදී සිය ‘වෙන්න  බෑණා’ පොලීසියේ බංකුවක් උඩ වාඩිවී සිටිනු දුටුවේය. මොකක් හෝ අවශ්‍යතාවකට පොලීසියට එන්න ඇතැයි සිතූ ඔහු සිය ‘වෙන්න බෑණා’ සමඟ කතා කිරීමට ගියේය.


 මොකද පුතා මේ පොලීසියේ යයි අනාගත මාමණ්ඩි ඔහුගෙන් ඇසූවිට ඔහුට කර කියාගත දෙයක් නොමැතිව ලජ්ජාවෙන් ඇඹරෙන්නට විය. මෙය ඇසූ පැමිණිලි විභාග කරන පොලිස් නිලධාරියකු ‘හා මෙයා අදුරනවාද? දන්නවද මෙයා කරලා තියෙනදේ. වාහනයක් අරන් දෙන්න කියලා කරදර කර කර තර්ජනය කරලා අම්මට තඩි බාලා’ ‍යයි කීවේ අනාගත මාමණ්ඩිගේ ඉහමොළ රත් කරවමිනි.


 සිය බිරියට හා දියණියට ‘වෙන්න බෑණා’ සිය මවට සලකපු ආකාරය ඔහු කීවේ පොලීසියෙන් දුන්නු රථ වහන දඩ කොළය වෙස් වලාගෙන පැමිණි ආශිර්වාදයක් බව ද කියමින්ය. එසේ නොවුණා නම් ඔහුගේ මවට මෙන් සිය භාර්යාවට ද ‘වෙන්න බෑනා’ කවදා හෝ  මෙසේ ආදරයෙන් සලකනු ඇතැයි ඔහු කීවේ ඇති යාන්තම් බොරුකාරයකුගෙන් සිය දියණිය හා දේපළ බේරුණු බව පවසමින් සැනසුම් සුසුම් හෙළමින්ය.



අදහස් (0)

‘අනාගත බෑණාගේ’ මාපිය සැලකිල්ල මාමණ්ඩියගේ දඩ කොළෙන් එළියට පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site