IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අක්කා දැඩි සත්කාරයේ : මල්ලී අවමඟුලේ කතාව කටපාඩමේ

පොල්පිතිගම ජයවර්ධන එම්. සෙනෙවිරත්න 


උපන් ගමෙන් සැතැපුම් 25ක පමණ දුරක පදිංචිව සිටින සිය වැඩිමහලු‍ සොයුරිය රෝගාතුරව අසාධ්‍ය තත්වයේ රෝහල්ගතව සිටියදී ඇයගේ අවමඟු‍ල් දිනයේ දී ගුණකථනයක් කිරීමට අවශ්‍ය කතාව වෙනත් අයකු ලවා ලියවාගෙන කට පාඩම් කළ පුද්ගලයකු පිළිබඳ පුවතක් පොල්පිතිගම අවට ගම්මානයකින් අසන්නට ලැබේ.
මොහු වසර 30ක් පමණ රාජ්‍ය සේවයේ සිය සේවයෙන් විශ්‍රාම ගොස් සිටින හිටපු කෘෂි පර්ෙෂණ නිලධාරිවරයෙකි. එසේ විශ්‍රාම ගොස් වසර දහයක් පමණ ගත වී ඇති අතර එදා මෙදාතුර කිසිම දවසක ප්‍රසිද්ධ සභාවක කතාවක් කර නොමැති බව ඔහුගේ මිතුරකු සමග පවසා ඇත.
 මඟු‍ලකදී අවමඟු‍ලකදී, කොටහළු ගෙදරකදී කතාවක් පවත්වන ආකාරය කියාදෙන ලෙස සිය මිතුරාට දිනක් ඔහු පවසා ඇත. මංගල උත්සවයකට හෝ අවමංගල අවස්ථාවකට සහභාගී වන අවස්ථාවල පිරිසෙන් මඟහැර සිටීමට වගබලා ගත්තේ කතාවක් පැවැත්වීමට සිදුවෙතැයි ඇති බිය නිසාවෙනි.


එහෙත් මඟහැර සිටීමට නොහැකි අවස්ථාවක් උදාවී ඇති බව ඔහුට දැනුණේ සිය වැඩිමහලු‍ සොහොයුරිය රෝගාතුරව අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත වූ පසුවය.
අවමඟු‍ල් අවස්ථාවේ දී තමන්ට අනිවාර්යයෙන්ම කතාවක් පැවැත්වීමට සිදුවන බව ඔහුට මතක්විය. වහා සිය මිතුරාට  විස්තර පවසා කතාවක් ලියවාගෙන එය කට පාඩම් කරන්නට විය. එයින් දින තුනකට පමණ පසුව සොයුරිය මියගිය බව දැනගන්නට ලැබී සිය මිතුරාට ඒ බව පවසා ඔහු මළගෙදර ගියේය.
සතියකට පසු ගමට පැමිණි ඔහු සිය මිතුරාගේ නිවෙසට යාමට අමතක නොකළේය. ඔහු මිතුරාගේ නිවෙසට ගොඩවූයේ ‘‘ඔබ තුමා හින්දා මගේ සායම බේරුණා”‍ යැයි කියාගෙනය.

 



අදහස් (0)

අක්කා දැඩි සත්කාරයේ : මල්ලී අවමඟුලේ කතාව කටපාඩමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site