 ආදරයෙන් කරුණාවෙන් තමන් රැක බලා ගත හැකි විශ්‍රාමික වයස අවුරුදු 65 ට අඩු කාන්තාවක විවාහ කර ගැනීමට සොයන අත්වාරුවකින් යන එන 79 හැවිරිදි පුද්ගලයකු පිළිබඳ අපූරු පුවතක් කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
ආදරයෙන් කරුණාවෙන් තමන් රැක බලා ගත හැකි විශ්‍රාමික වයස අවුරුදු 65 ට අඩු කාන්තාවක විවාහ කර ගැනීමට සොයන අත්වාරුවකින් යන එන 79 හැවිරිදි පුද්ගලයකු පිළිබඳ අපූරු පුවතක් කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ තුන් කෝරළයට අයත් නගරයකට ආසන්න ගමකි. මෙම ගමේ කාමර හයකින් නාන කාමර තුනකින් සමන්විත දෙමහල් නිවසකි. මෙම නිවසේ අත්වාරුවක් අාධාරයෙන් ගමනක් බිමනක් යන එන 79 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකි. උයා පිහාගෙන හුදකලාවේ ජීවන ගමනේ සැඳෑ සමය ගත කරමින් සිටින්නේය.
මෙම වයෝවෘද්ධ පුද්ගලයාට පිරිමි දරුවෙක් හා ගැහැණු දරුවෝ දෙදෙනෙක් සිටිති. බිරිය වසර දහයකට පමණ ඉහත දී මිය ගොස්ය. දරුවන් තිදෙනා වෙන වෙනම නිවාස තනාගෙන ඈත ප්‍රදේශවල පදිංචිය. දරුවෝ තිදෙනා නිතරම පියා ගැන සොයා බලා අවශ්‍ය මිල මුදල් කෑම බීම නිවසටම ගෙනැවිත් දුන්හ. ඉඩම කීයකට හරි විකුණලා තාත්තා මෙහෙ ඇවිත් ඉන්න පුතා කියපු වාර ගණන අපමණය. දරුවන්ගේ ගෙවල්වල ගිහිල්ලා ඔවුන්ට කරදර කරනවාට වඩා හාල් හුණ්ඩුවක් රත් කරගෙන පොල් සම්බෝලයක් හදාගෙන කෑවත් ඇඟට සැපයි යැයි ඔහු නිතරම සිතුවේය.
තරුණ කාලයේ දී විදේශ රටවල් කිහිපයකට ගොස් හරි හම්බ කරගත් දේවල් විශාල ඉඩම සහිත දෙමහල් නිවස පොත් පත්වල මිල මුදල් උයන්න පිහන්න ඇති හැකියාව තිබුණ ද හුද කලාවේ සිටිය නොහැකි බව අවස්ථා ගණනාවකදීම වයෝවෘද්ධ පියා දරුවන් තිදෙනාට කීවේය. එහෙත් පියාගේ පාළුව මකන්න දරුවන් තිදෙනා කිසිම පියවරක් ගෙන තිබුණේ නැත.
අන්තිම මොහොතේ දී වතුර උගුරක් හරි තමන්ට දෙයි යැයි සිතා යළි විවාහයකට යාමට සුදුසු බව දිනක් රාත්‍රි නින්දට වැටුණු අවස්ථාවේ දී කල්පනා විය. හොඳම දේ පුවත්පතක  මංගල දැන්වීමක් පළ කර ගැනීමේ අදහසින් මීට සති තුනකට පමණ ඉහත දී කෑගල්ල ප්‍රදේශයේ පුවත්පත් දැන්වීම් ආයතනයකට අත්වාරුව අතැතිව 79 හැවිරිදි පුද්ගලයා ගොඩ විය.
සියලු දැන්වීම් භාර ගනු ලබන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිපල අපේක්ෂාවෙන් සිටින 21 හැවිරිදි තරුණියක විසින්ය. ‘‘නංගි මගේ වයස අවුරුදු 79 යි. හුදකලාවේ සැදෑ සමය ගත කරමින් සිටිනවා. මම බොහොම ආගමට දහමට ලැදිව ජීවත් වෙනවා. ආදරයෙන් කරුණාවෙන් මාව රැක බලා ගත හැකි අවුරුදු 65 ක විශ්‍රාමික කරුණාවන්ත මනාලියක් සොයයි කියලා මංගල  දැන්වීමක් ඉරිදා පත්තරේක දාලා දෙන්න පුළුවන් නේද ? සිනාමුසු මුහුණින් තරුණියගෙන් විමසීමක් කළේය.  දැන්වීම හා දැන්වීමට අදාළ මුදල භාර ගත් තරුණියට” හරි නේද එහෙනම් මම යන්නම් නංගි” යැයි පවසා 79 හැවිරිදි මනාලයා අත් වාරුව ද අතැතිව දැන්වීම් කාර්යාලයෙන් ආපසු හැරී පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.
කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
65 මනාලියක සොයන සීයාට 21 තරුණිය නංගිවෙලා