IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


රට ගිහින් ආ දියණියට අපූරු තෑග්ගක්

ඇය කුරුණෑගල පොලිස් බල ප‍්‍රදේශයේ ගමක පදිංචි තරුණියක්. විදේශ රැකියාවක යෙදී සිටි ඇය සියරට පැමිණියේ නොබෝදාය. පසුගිය දිනෙක ජැන්ඩියට හැඩවැඩ වී සිටි මහත්වරු දෙදෙනෙක් යතුරු පැදියකින් ඇගේ නිවසට පැමිණියහ. එක් තරුණ මහත්මයෙක් නිවසට ගොඩවැදී තරුණියගේ නම කියා රට රැකියාවක් කර ආපසු පැමිණි ඇගේ නිවස මේකදැයි ඇසීය. අනෙකා යතුරු පැදිය පණගන්වාගෙන යමක් පිරික්සමින් සිටී. මෙහෙ තමයි ඒ දුව ඉන්නෙ මහත්තයෝ, මම ඒ දුවගේ අම්මා. අද ඒ දුව ගෙදර නෑ නෑදෑ ගෙදරක ගිහින්. හෙට නම් ඉන්නවා. ඇගේ මව එසේ පවසා ඇයි සර් දුවගැන ඇහුවේ. කියා ඇසුවාය. අපි හෙට එන්නම් අම්මා, එයාගෙ පාස්පෝට් එකට ලොකු තෑග්ගක් තියෙනවා. පාස්පෝට් එකේ නම්බර් එක අපට  ඕනෑ හරියටම නවයට අපි එනවා. හොඳේ එසේ පවසා දෙදෙනාම යතුරු පැදියේ නැඟී ගියහ. හොඳ මහත්වරු මව එසේ පවසා ඔවුන් නොපෙනී යනතුරු බලා සිටියාය. පසුදා උදේ නියමිත වෙලාවට දෙදෙනාම පැමිණියේ එකෙක් එදා වගේම යතුරු පැදිය පණගන්වාගෙන වටපිට නරඹමින් සිටියදී අනෙකා ඇගේ නම කියා කතා කළේය. මිදුල අතුගාමින් සිටි ඇය ඔවුන් වෙත ආවාය. ප්ලීස් පාස්පෝට් එක ගේනවද අපට නම්බර් එක  ඕනෑ ඔයාට ලොකු තෑග්ගක් තියනවා. ඔහු කීවේය. ඇය දෙපාරක් නොසිතා ගෙට ගොස් විදෙස් ගමන් බලපත‍්‍රය රැගෙන විත් ඔහුට දිගු කළා පමණි. විදුලියක් සේ ඇය වෙත කඩා පැන්න ඔහු ඇගේ කරේ තිබූ පවුම් දෙකක් බරැති වටිනා රන්මාලය ඩැහැගෙන යතුරු පැදියට නැගී පලා ගියහ. ආපු වාහනය පණගන්වාගෙනම කතාකරන කොටවත් හොරු කියල හිතුනෙ නැද්ද අසල්වැසි වැඩිහිටියෙක් ඇසුවාලූ.



අදහස් (0)

රට ගිහින් ආ දියණියට අපූරු තෑග්ගක්

ඉශන්ක Friday, 06 July 2012 04:26 PM

මොලේ මැටිද, මේ වගේ දෙයක්වත් තේරුම් ගන්න බැරි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 125 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 206 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1069 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site