IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මතට තිත තැබූ අපේක්ෂකයාට හොරෙන් ගෝලයෝ මත්වෙලා

දකුණු පළාතේ එක් දිස්ත‍්‍රික්කයක් සඳහා ප‍්‍රබල දේශපාලන පක්ෂයකින් මෙවර මහා මැතිවරණයට ඉදිරිපත්ව සිටින මේ අපේක්ෂකයා සියළු දුෂිත වැඩ තරයේ ප‍්‍රතික්ෂේප කරන මත්වතුරට දැඩිසේ එරෙහි වූවෙකි. 

පසුගිය දා මැතිවරණයේ ග‍්‍රාමීය මට්ටමේ දැනුම්වත් කිරීමකට තිහක පමණ කණ්ඩායමක් සමග ගිය ඔහුට දිවා ආහාරය සඳහා කල්තබාම ආරාධනා කොට තිබුණේ පාක්ෂික හිතවතකුගේ නිවෙසකටය.

මේ සියලූ දෙනා සමග ගෙට ගිය ඔහු පාක්ෂික හිතවතා සමග කාමරයේ කතාබහ කරමින් සිටි අතර අනුගාමිකයන් කිසිවකු ඒ අසල සිටියේ නැත. මේ පිළිබඳව විමසමින් ගේ පිටුපසට ගිය ඔහුට තරු පෙනිණ.

ඒ තම කණ්ඩායමේ වූවෝ එක පොදියට මත්වතුර තොල ගාමින්, බයිට් වර්ග කමින් හා දුම් දමමින් සිටි අයුරු දුටු හෙයිනි. ජංගම දුරකතනයට හදිසි ඇමැතුමක් ආ බව පවසමින් ගෙහිමියාගෙන් සමුගත් ඔහු වාහනයට නැග එය පණගැන්වූ අතර ඔහු ආපසු නොපැමිධෑම ගැන ගෙහිමියාත් අනුගාමිකයෝත් අන්දමන්ද වී සිටියාලූ.



අදහස් (0)

මතට තිත තැබූ අපේක්ෂකයාට හොරෙන් ගෝලයෝ මත්වෙලා

ලංකා Tuesday, 11 August 2015 10:41 PM

ධම්ම හරි කියලා මාත් හිතනවා. (නි)

:       0       0

සිරිසේන Thursday, 13 August 2015 04:46 PM

සුරාවෙහි අගයත්, එහි ඇති මිහිරි රසයත් එය බොන අය මිස නොබොන අය නොදනිති (නි)

:       0       0

පෙරේරා Tuesday, 11 August 2015 09:10 AM

මතට තිතයි තිතට මතයි මාරුවෙලා ඇති! (අ)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 11 August 2015 05:22 AM

සිය ප්‍රතිපත්ති වලට එකඟව වැඩකරන නියම අවංක දේශපාලන අපේක්ෂකයෙක්. (ම)

:       0       0

දුමින්ද Tuesday, 11 August 2015 06:13 AM

දේශපාලනය ජරාජීර්ණවීමට ඡන්දදායකයන්ද වගකිවයුතුය (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 11 August 2015 07:11 AM

මෙවැනි දේශපාලකයෙක් ලංකාවේ සිටීම ගැන සතුටුවෙමි (නි)

:       0       0

කරු බණ්ඩාර Tuesday, 11 August 2015 10:48 AM

ඒ අපේක්ෂකයා හඳුනා ගැනීමට ඉඟියක් දුන්නනම් මතට තිත කැමති අයගේ ඡන්දය ලැබෙන්න පුළුවන්. (අ)

:       0       0

ගුණවර්ධන Tuesday, 11 August 2015 06:14 PM

මත් පැන් නැති රටක් ලංකාව, මගේ අම්මේ 'කවදා බිහිවෙයිද ? (නදී)

:       0       0

රූපවතී Wednesday, 12 August 2015 01:10 PM

මගේ පවුලේ සියලුම දෙනා මෙවර කැමැත්ත දෙන්නේ ජේ වී පි යටයි. වෙනසකින්ම වෙනසක් දැකීමේ ආසාවෙන් අපි එහෙම තීරණයක් ගත්තෙමු (නදී)

:       0       0

ධම්ම Tuesday, 11 August 2015 11:26 AM

මා දන්නා තරමින් සියලු දුෂිත වැඩ තරයේ ප‍්‍රතික්ෂේප කරන මත්වතුරට දැඩිසේ එරෙහි දේශපාලකයින් ඉන්නේ ජේවීපියේ පමණයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site