ඔහු විසිතුන් හැවිරිදි තරුණයෙකි. ප්‍රේම සම්බන්ධයක් මත ලාබාල තරුණියක් සමග 2015 මැයි 5 වැනි දින විවාහ වූ අතර විවාහවී ටික දිනකින් ඔහු විදේශ ගත විය. ඒ වන විට ආදරණීය බිරිය ගැබිනියක්ව සිටියාය.
විදේශ ගතවී ටික දිනකින් ෆේස්බුක් හරහා තවත් තරුණියක් හඳුනා ගන්නට ලැබුණු ඔහු අලුත් හැඟීමකින් පිබිදී ගියේය. එම තරුණියද ඔහුගේ ගමට ආසන්න ගමක වීම මිතුදම පවත්වාගෙන යාමට තවත් රුකුලක් විය.
අලුත් මිතුදම ටික දිනකින් ප්‍රේමණීය සම්බන්ධයක් බවට පත්විය. ඔහුගේ බිරිය දරුවා ප්‍රසූත කිරීමට සූදානම්ව සිටි නිසා ඔහු මාස කිහිපයකින් යළි ලංකාවට ආවේය. එහෙත් ඔහුගේ යටි අරමුණ වූයේ තමාගේ ලෙයින් උපදින දරුවා බැලීම නොව අලුත් පෙම්වතිය බැලීමය.
මේ අතර බිරිය මැයි 2 වැනිදා දරුවා ප්‍රසූත කළාය. ඇය ප්‍රසව වේදනාවෙන් රෝහල දෙවනත් කරමින් කෑ ගසන විට ඔහු සිටියේ අලුත් පෙම්වතියගේ තුරුලේය. තවත් ඉවසා සිටීමට නොහැකිවූ ඔහු පළමු විවාහයෙන් හරියටම වසරකට පසු හික්කඩුව ප්‍රදේශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු ළඟ දෙවන විවාහය ලියාපදිංචි කළේය.
ඒ වන විටද දරුවා ප්‍රසූත කළ බිරිය සිටියේ රෝහලේය. එහෙත් අලුත් බිරියගේ පාමුල ඔහුට සියල්ල අමතක විය. අවසානයේ තම දරු පැටියා තුරුළු කරගත් ඇය ගාල්ල පොලිසියට පැමිණ සැමියාට විරුද්ධව පැමිණිල්ලක් සටහන් කළාය.
මාස කිහිපයකට පසු ඔහු අත්අඩංගුවට ගත් අතර දෙවන බිරිය කියා සිටියේ ඔහු අතහැරීමට බැරි බවය. ඔහුද කියා සිටියේ ඇයම ඕනෑ බවය. බහු විවාහයක් කර ගැනීමේ චෝදනාම යටතේ ඔහු අධිකරණයට ගෙන යන විට දෙවන බිරිය ඔහු පසුපසින් අධිකරණය වෙත ගිය අතර පළමු බිරිය දරුවා වඩාගෙන නිවසට යාම සඳහා බස් නැවතුම් පොළට ගියාය.
ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව සිල්වා, උපපොලිස් පරීක්ෂක පාලිත රාමසිංහ, කාන්තා සැරයන් දීපිකා 5320 යන මහත්ම මහත්මීන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
(උණවටුන ඩී.ජී. සුගතපාල)
2025 නොවැම්බර් මස 21
36
0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
148
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1000
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පළමු බිරියට දරුවා ලැබෙද්දී සැමියා දෙවැනි බිරිය තුරුළේ
ජනිත් Friday, 30 September 2016 02:58 AM
ඉන්න ඕනෑ එකයි එයාටයි ආදරය කරන්න ඕනෑ.... එවිටයි පවුල් ජිවිතය සාර්ථික වෙන්නේ (ම)
රුපවතී Thursday, 29 September 2016 11:53 AM
පව් අහිංසක දරුපැටිය සහ තරුණ කාන්තාවට ආදරණීය දෙමාපියන්ගේ රැකවරණය ලැබේවා ..! (ර)
දයානි Thursday, 29 September 2016 02:59 AM
අද කාලේ මේවා සාමාන්‍ය දේවල්. (නි)
උදාර Thursday, 29 September 2016 02:25 PM
හරිම කණගාටුයි මෙවැනි දේවල් ඇසීමත් (නි)
ජනිත Thursday, 29 September 2016 04:42 AM
ගම කනවා. (බ)