අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
සංචාරක ව්‍යාපාරවල නියුතු බොහෝ දෙනකු ඉන්ධන ලබා ගැනීමේ අරමුණෙන් අලුත්ගම නගරයේ එක දිගට දිවා රාත්‍රී ඉන්ධන තෙල් පෝලිම්වල සතුටින් විනෝදෙන් ගතකර ඉන්ධන ගහන්න ගෙනත් තිබූ මුදල් මිතුරන් කණ්ඩායමක්, වියදම් කර පසුව නැවත වාහනවලට තෙල් ගහන්න පොලියට මුදල් ගන්න සිදු වූ පුවතක් වාර්තාවිය.
දකුණු පළාතේ අයයි. බස්නාහිර පළාතේ ආසන්න නගර දෙකේ විදෙස් සංචාරකයන් සඳහා සේවා සපයන එම ව්‍යාපාරවල නියුතුව සිටින මිතුරන් මේ තෙල් පෝලිම්වලදී හමුවීමෙන් පසුව මිතුදම වැඩිකර ගත්තේ රාත්‍රියේ කාන්සිය පාළුව මකා ගත්තෙත් පෝලිමේ සිටි අතරතුරය.
දිනක් ඉන් එක් අයකු තවත් මිතුරෙකුට යෝජනා කළේ, මොකද කරන්නේ මෙහෙම නිකංම නයිට් එකක් ගහන්න බෑනේ, අපි සෙට් වෙමුද, කොහෙද? වෙන කොහෙද පෝලිමේ තියෙන අපේ වාහනයක සෙට් වෙමු යෝජනාව සම්මත විය. වෙලාව රාත්‍රී නවයි.
රුපියල් විසි දහසක මුදලක් එකතු විය. පළමු දිනේම ඒකෙන් මිල වැඩි බෝතල් කිහිපයක් සහ සහ කටගැස්ම මිලදී ගෙන පිරිස රෑ වෙනකම් සප්පායම් වූහ. ඇතමුන් මේක හොඳ අවස්ථාවක් කරගෙන දන්න කියන තැනක පැයක් දෙකක් හෝ නිදාගෙන නැවත උදේට තෙල් පෝලිමට එන්නතෙල් පෝලිමේ මිතුරන්ට තම වාහනය බලාගන්න දින දෙක තුනක් මෙයාකාරයෙන් රෑට රෑට කට්ටියම සෙට් වූහ. ඒත් දින හතර පහක් යනකං ඉන්ධන බවුසරයක් නොපැමිණියේය.
ඉන්ධන බවුසරය ආවත් අතේ තිබුණු රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් වියදම් වෙලාය. එහෙයින් තෙල් ගහන්න අවශ්‍ය මුදල් විවිධ ක්‍රමවලින් සොයා ගෙන ඇත.
සාදයට මුදල් වියදම් කළ කෙනා මෙම ගැටලුවට විසඳුමක් ලෙස තමන්ගේ රන් දම්වැල උගස්කර වාහනයට තෙල් ගසා හීනියට අඩියකුත් ගහලා රන් දම්වැල උකස් කරපු රිසිට් පත මුදල් පසුම්බියේ කාටත් නොපෙනෙන්න සඟවා නිවෙසට ගොස් නිදා ගෙන ඇත.
ඒ අතරතුර ඔහුගේ බිරිඳ ඇඳුම් සෝදන්න රෙදි සෝදන යන්ත්‍රයට දාපු කලිසමේ පර්ස් එකත් එක්කම දාලා පස්සේ තෙත්වුණු පසුම්බිය අරගෙන එහි තිබූ දෑ වේලෙන්න දාද්දි මේ උගස්කරපු රන්දම් වැලේ රිසිට් පත බිරියට මාට්ටු වී ජංජාලයක් ඇතිවිය.
තෙල් පෝලිමේ ඉන්න බව කියා අතේ තිබුණු සල්ලි ටිකත් විනාශ කර පිටස්තර ගෑනියකුගේ රන් මාලය උගස්කරපු කතාව අකුරක් නෑර බිරියට කියා දේවාලයකට ගොස් දිවුරා පොරොන්දු වීමට තෙල් පෝලිමේ සෙට් වීමට මූලික වූ අයකුට බිරිය ඉදිරියේ සිදුවිය.
දින කිහිපයකදී යන එන මඟ අතරතුරදී ඔහුට මිතුරන්, මචං සෙට් වෙමුද, කියලා ඇහුවම කේන්ති යන බව නොදන්න කෙනකු නැතැයි සමහරු කියති.
2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තෙල් සල්ලිවලින් සොමි කරලා තෙල් ගහන්න පොලියට ගන්න වෙලා