IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බිත්තර නැති දුකට දෙන දෙයියෝ කිකිළියක්ම දීලා

  • හසලක-සුනිල් ඒකනායක

බිත්තරයක් රැගෙන යෑමට කඩේට පැමිණි අයකුට කඩේ බිත්තර නොමැතිව හිස්අතින් නිවෙස බලා යන අතරේ බස් නැවතුමේ තිබූ පෙට්ටියකින් ඇසුණු කිකිළියකගේ කෑ ගැසීමට එම පෙට්ටියට අත දැමූ විට නොමිලයේම බිත්තර දෙකක් ලබා ගැනීමට හැකි වූ පුවතක් හසලක නගරයෙන් වාර්තා විය.

මිනිපේ ගොවි ජනපදයේ ගොවියකු වන ඔහු මෙදින කොළඹ බලා ගියේ වුවමනාවකටය. එය ඉටු කර ගෙන නගරයේ ඇවිද යන විට ඔහුගේ නෙත ගැටුනේ අසල තිබූ කුකුළන් අලෙවි කරන වෙළෙඳසලකි. එය දැක ඔහුට සිතුනේ මෙම ස්ථානයෙන් කිකිළියන් දෙදෙනකු මිලට ගෙන නිවෙසට රැගෙන ගොස් ඇති කළහොත් මේ දිනවල පවතින අධික මිලට බිත්තර ගන්නවා වෙනුවට පහසුවෙන් නිවෙසේදීම එම අවශ්‍යතාව සපුරා ගත හැකි බවයි.

එම අදහස මත වෙළෙඳසලෙන් කුකුළන් දෙදෙනකුත් කිකිළියන් දෙදෙනකුත් මිලදී ගත් ඔහු එම සතුන් කාඩ්බෝඩ් පෙට්ටියක දමාගෙන මහියංගණය බලා ධාවනය වූ බස් රථයක නැගී හසලක බලා පැමිණියේය.

සවස 4ට පමණ හසලක නගරයෙන් බස් රථයෙන් බැසගත් ඔහු කුකුළන් සහිත පෙට්ටිය බස් නැවතුමේ කොනක තබා නගරයට ගියේය.

මේ අතරේ අසල ගමක අයකු බිත්තර සොයා නගරයේ කඩ කිපයකට ගියත් බිත්තර නොමැති වූ තැන සිය පාපැදියේ නැග බස් නැවතුම හරහා හිස් අතින් පෙරළා නිවෙස බලා ගමන ආරම්භ කළේය.

බස් නැවතුම අසලට පැමිණෙනවාත් සමඟම බස් නැවතුමේ තිබූ පෙට්ටියෙන් එක් වරම කිකිළියක් කෑ ගසන හඬක් ඔහුට ඇසුණි. මේ සතා මේ විදිහට කෑ ගහන්නේ බිත්තර දැමූ පසු ඒ බව හැඟවෙන්නට බව ඔහුට වැටහුණි.

පා පැදිය නතර කර ඔහු වට පිට බලා පෙට්ටිය අසල කිසිවකු නොමැති බව දැක පෙට්ටිය අසලට ගොස් පියන ඇර බැලූවිට කුකුළන් සහිත එම පෙට්ටියේ බිත්තර දෙකක් තිබෙනු දැක ආ මේ තියෙන්නේ බඩු යැයි කියා නැවත වරක් වටපිට බලා බිත්තර දෙක රැගෙන මල්ලකට දමාගෙන පා පැදියේ නැගී එතැනින් වහා පිය මැන්නේ තමන් කළ සොරකම කිසිවකු දැක යම් අවැඩක් වෙයැයි ඇතිවූ සැකයෙනි.

ගමේ කඩය අසලට ගිය ඔහු තමන් මුහුණ පෑ සිදුවීම කඩය අසල සිටි අයට පැවසුවේ “ඔන්න උඹලට නැති බිත්තර මට දෙවියෝ ගෙනත් දුන්නේ සල්ලිත් ගන්නේ නැතිවයි” යැයි කොක් හඬලා සිනාසෙමිනි.



අදහස් (0)

බිත්තර නැති දුකට දෙන දෙයියෝ කිකිළියක්ම දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site