සිල්ලර වෙළෙඳසලකට ගිය තරුණයකු එහි සිටි තරුණියකට ඉක්මනට බිත්තර දහයක් දමා දෙන්නැයි කියූවිට ඇය එම තරුණයාගේ ඇඟට ගොඩවීමේ සිද්ධියක් ගාලු දිස්ත්‍රික්කයේ නගරයකින් වාර්තාවේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
මේ දිනවල පවතින බිත්තර හිඟය නිසා බොහෝ වෙළෙඳසල්වල බිත්තර විකිණීමට නැත. කඩයක දෙකක බිත්තර විකිණීමට ඇතත් ඒවාත් විකුණන්නේ හොර රහසේය.
හොර බිත්තර විකුණන කඩයකට ගිය තරුණයෙක් එහි සිටි වෙළෙඳ සේවිකාවකට කතා කර මට ඉක්මනට බිත්තර දහයක් දමා දෙන්නැයි ඉල්ලා සිටියේය. ඒ ඔහුගේ පෙම්වතිය ලබාගත් කේක් ඇණවුමක් සඳහා පාවිච්චි කිරීමටය. පියකරු වුවද කඩිසර තරුණියක නොවූ ඇය හෙමි හෙමිහිට කවරයකට බිත්තර දමමින් සිටියාය.
තරුණයා ඇය අසලට ගොස් ඉක්මනට බිත්තර දහයක් දමා දෙන්නැයි තරුණියට කියා සිටියේ පෙම්වතිය පෙරමග බලා සිටිනා බව දන්නා නිසාය. එවිට තරුණිය තරුණයා දෙස ටිකක් රවා බැලූවිට කෙකරගගා ඉන්නෙ නැතුව මට ඉක්මනට බිත්තර දහයක් දාල දෙනවකො යැයි ටිකක් ශබ්දයෙන් කීවේය.
මෙයින් ලජ්ජාවට පත් තරුණියට යකා නැග්ගේය.
‘‘හිතුවද මම කිකිළියෙක් කියල. ඔයාට හරියන කිකිළියෙක් සොයල බිත්තර දම්මව ගන්නව.” යනුවෙන් කියූ ඇය බිත්තර දමමින් සිටි කවරය බිත්තර පෙට්ටිය උඩ තබා කඩය තුළට යන්නට ගියාය.
ලජ්ජාවට පත් තරුණයාද බිත්තර නොගෙනම එළියට බැස ගියේය. ‘‘කොහොමද බිත්තර දම්මවා ගත්තැදැයි මිතුරන් අසනවිට දැන් ඔහුටත් තදවෙනවාලු.
2025 දෙසැම්බර් මස 18
469
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිත්තර ඉල්ලුවාම කඩේ කෙල්ල ඇගට ගොඩවෙලා