IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කුකුළු කේන්තිකාරයාගේ හඬින් බස්රියේ වේගයත් වැඩිවෙලා

ඔහු අර්ධ නාගරික පෙදෙසක වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. කුකුළු කේන්ති කාරයෙකි. හොස්ස අගින් මැස්සෙක් ගියත් අත් පා ගසා දමන්නේ සුද්ධ සිංහල වචන හත අටක් වමාරමිනි. පෞද්ගලික වාහනයකින් නිතර එහෙ මෙහෙ යන නිසා මෙතෙක් වැඩිපුර ඔහුගෙන් බැණුම් ඇසුවානම් ඒ පවුලේ සාමාජිකයන් හා සේවකයන් පමණි. කේන්ති පැමිණි සැණින් ලත්තැනම ලොප්වී කාරුණික වන හෙයින් ගැහුවත් බැන්නත් කවුරුත් ඔහු සමඟ අමනාප නොවූහ. සේවකයින් දෙතුන් දෙනකුගේ වැටුප් වැඩි වූයේ ද ඔහුගෙන් දෙතුන් වරක් ගුටි කෑ හෙයිනි. පසුගියදා ඔහුට පොදු ප‍්‍රවාහන සේවා බස්රථයකින් නගරයට ඒමට සිදුවූයේ මෝටර්රථය ක‍්‍රියා විරහිත වූ බැවිනි. සිය දියණියගේ ගෙදර දොර බැලීමට එන අමුත්තන් පිරිසකට සංග‍්‍රහ කිරීමට කේක්, කෙසෙල්ගෙඩි රැගෙන යාම ගමනේ අරමුණ විය. ඔහු ආපසු ගෙදර යමින් සිටියේ මා ගමන් කළ බස්රථයේ මා වාඩිවී සිටි අසුනේම වාඩිවී පාර්සල් දෙකක් ඔඩොක්කුව මත තබාගෙනයි. අතර මගදී ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි. ඒ කාන්තා හඬකි. එන්ට තව වෙලා යයිද? ලැබුණු ඇමතුමයි. දැන් බස් එකේ එන ගමන් ඔහු එසේ පවසා ඇමතුම කට් කළේය. තවත් පැය කාලකින් පමණ එම කාන්තා හඬින්ම ඇමතුමක් ලැබුණි. එනවා එනවා දැන් මඟ මඟ ඔහු පැවසුවේය. තවත් ස්වල්ප වේලාවකින් ජංගම දුරකතනය නාදවුනි. එහෙන් කතා කරන්න පෙර මෙහෙන් කතා කළේය. ඒ හඬ බසය පුරා දෝංකාර දුන්නේ මෙසේය. යකෝ මඟුලක් කතා කරණවද? තොපි කියන්නෙ මට ඉගිලිලා එන්ට කියලද? මේ බස් කාරයා පැයක් තිස්සේ කොටනවා කීවේය. ඇත්තටම සීට් ගානටවත් මගීන් නොසිටි නිසා බසය ගමන් කළේ වටපිට ගෙවල්වල රෙදි අඳින උදවිය දෙස පවා බලමිනි. කෙසේ හෝ සිනා හඬ මැද බසයේ වේගයද මදක් වැඩිවිය.



අදහස් (0)

කුකුළු කේන්තිකාරයාගේ හඬින් බස්රියේ වේගයත් වැඩිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 58 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 894 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2522 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site