IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සැමියාගෙන් අම්බානක ගුටි කෑවත් බිරියගේ හදවත උණුවෙලා

(වියලුව වාර්තාකරු) 
තම සැමියා නිවසේ දී පහර දුන් බවට පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගෙන ගෘහස්ත ප්‍රචණ්ඩත්වය යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් කූඩුවේ රඳවා සිටිය දී බත් මුලක් ද රැගෙන ගොස් තම සැමියා ආපසු ලබාදෙන ලෙස ඉල්ලමින් පොලිස් නිලධාරීන්ට ඇවිටිලි කළ කාන්තාවක පිළිබඳ පුවතක් ප්‍රදේශයේ පොලිස් ස්ථානයකින් වාර්තා විය. 


සිද්ධිය මෙසේය. 


ප්‍රදේශයේ කාන්තාවක් පසුගිය දිනක ප්‍රදේශයේ රෝහලකට ඇතුළු වූයේ සිය සැමියා පහරදුන් බව පවසමිනි. නිරන්තරයෙන් සැමියා පහර දෙන බවත් ඉන් තමුන් මෙන්ම දරු පැටවුන් ද දැඩි අපහසුතාවට පත්වන බවත් ඇය කියා සිටියාය. 


ඒ සම්බන්ධයෙන් පොලිසියට ද පැමිණිල්ලක් ඉදිරිපත් වුණි. පොලිස් නිලධාරීනුත් ඒ අනුව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේ සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමෙනි. 


අත්අඩංගුවට ගත් සැමියා කළ වැරැද්දේ තරම අවබෝධ කර දුන් පොලිස් නිලධාරීන් ඔහුට එරෙහිව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යටතේ නඩු පවරන බව පවසමින් ඔහු පොලිස් සිර මැදිරියේ රඳවා තැබුවේ අධිකරණය වෙත ඉදිරිපත් කරන තුරුය. 


සිද්ධිය සැලවීමත් සමගම ටිකට් කප්පවාගෙන රෝහලෙන් පිටව නිවසට පැමිණි බිරිඳ බත් මුලක් ද බැඳගෙන පොලිසිය වෙත දිවගොස් වැළපෙමින් පොලිස් කූඩුවේ සිටින සිය සැමියා නිදහස් කර දෙන්නැයි පොලිස් නිලධාරීන් ඉදිරියේ බැගෑපත් වූයේ හඬා වැළපෙමිනි. 


එහෙත් පැමිණිල්ල බරපතළ බව පැවසූ පොලිස් නිලධාරීන් කියා සිටියේ මේ වනවිටත් බිරිඳගේ පැමිණිල්ල මත ගෘහස්ත ප්‍රචණ්ඩත්වය යටතේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බවය. 


දැන් එය වෙනස් කිරීමට තමුන්ට බලයක් නොමැති බවත් එය විසඳා ගත යුත්තේ අධිකරණය මගින් පමණක් බවත් ඔවුහු කියා සිටියහ. 


නිවසේ සිදුවන සුළු ගැටුම් පොලිසිය තෙක් දුරදිග යෑම දෙවරක් සිතා කළ යුතු දෙයක් බව ද ඔවුහු ඇයට පහදා දුන්හ. 


කූඩුවේ සිටින සිය සැමියා දෙස කඳුළු පිරි දෙනෙතින් යුතුව බලා සිටි ඇය පොලිසියෙන් පිටව ගියේ ගෙයි ගින්දර පිටට දීමෙන් තමුන්ට සිදුවූ අවාසනාවන්ත ඉරණම පිළිබඳව තමුන්ටම සාප කර ගනිමිනි. 



අදහස් (0)

සැමියාගෙන් අම්බානක ගුටි කෑවත් බිරියගේ හදවත උණුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 773 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site