IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොරෝනාවෙන් බේරෙන්න පාන් ගෙඩියත් හෝදලා

(තිහගොඩ – උපසේන ලියනගම)
ගාලු දිස්ත්‍රික්කයේ උප නගරයක් ආසන්නයේ පදිංචි වී සිටි විශ්‍රාමික ගුරු යුවලකි. අගනුවර වෛද්‍ය අංශයේ සේවය කළ දරුවන් දෙදෙනා තම මව් පියන්ට උදව් පිණිස ඥාතිත්වයක් ඇති ගමේ පරිසරයක මෙහෙකාර දැරියක එහි නතර කළ අතර පසුගිය දා පැතිරී ගිය කොරෝනා උවදුර නිසා දැරියට සෞඛ්‍ය උපදෙස් රැසක් දී දෙමාපියන් දැනුම්වත් කළහ.


විශේෂයෙන් කෑම බීම වර්ග ගැනීමේ දී කළ යුතු චාරිත්‍ර වාරිත්‍ර පැහැදිළි කළ ඔවුහු ඒවා පිරිසුදුව භාවිත කිරීමේ වැදගත්කම ඔවුන්ට පවසා තිබිණ.


පසුගිය දා මේ මව සේවක දැරියට මුදල් දී මහ මග යන ‘චූං පාන් වෑන් රථයෙන්’ පාන් ගෙඩියක් ගෙන එන ලෙස කීවේ නිවසේ තිබූ පොලිතින් බෑගයක් ද ඇයට දෙමිනි.


සෑහෙන වෙලාවකට පසු ඇය නිවසට ආවේ පාන් ගෙඩිය දැමු පොලිතින් බෑගයද රැගෙනය.


එය අතට ගත් මවට තෙත ගතියක් දැනී විමසූ විට ඇය ‘මම අනෙක් ඒවා වගේම පාන් ගෙඩියත් හේදුවා, ඕක අව්වෙ තියල වේළෙන්න ගත්තාම, ඒක කෝකටත් හොඳයි නේ’ කීමෙන් මේ මවට දෙවියන් සිහිවුණාලු.

 



අදහස් (1)

කොරෝනාවෙන් බේරෙන්න පාන් ගෙඩියත් හෝදලා

theshan Tuesday, 19 May 2020 01:55 AM

දැරියගේ වයස කීයද?? දැරියක් එහෙම මෙහෙකාර සීවයේ යොදවන්න පුලුවන්ද?

:       0       36

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site