කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
පාසල් ආපන ශාලාවෙන් සිසු බිලට තේ බී ඉතුරු මුදල සාක්කුවේ දමාගෙන යන ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ.
ඔහු කවදාවත් රුපියලක්වත් වියදම් නොකර තේ බොන ගුරු පියෙකි. පාසල් විවේක කාලයේ දී කාගේ හෝ පසුම්බියකින් තේ බීමට ඔහු තරම් රුසියෙක් මේ විදුහලේම නොවීය. වඩාත්ම පුදුමය නම් මේ ගුරු පියා පාසලේ සිසුන්ගේ පසුම්බියට ද බැස තේ බීමය.
විවේක කාලවල දී පාසලේ උසස් පෙළ සිසුන් ආපන ශාලාවේ තේ බොන තැනට ඔහු යන්නේ අනාරාධයෙනි. පාසලේ රසවත් කතාවකට මුල පුරමින් එතැනට යන මේ ගුරු පියාට ද සිසුන් ඇරයුම් කරන්නේ කෑමට දේවල් ද ඔහුට සපයමිනි. තේ බී අවසන් වූ පසු ඔහු සිසුන්ගෙන් සල්ලි ඉල්ලා ගන්නේ මදි පාඩුවක් වුවහොත් තමා එය ගෙවා දමනවා යැයි කියමිනි.
කවදාවත්ම බිවූ තේවලට සිසුන් අඩුවෙන් මුදල් නොදෙන බව දන්නා ඔහු දෙන මුදල් ඉල්ලාගෙන ආපන ශාලාවේ අයකැමිට මුදල් ගෙවන්නේ සිසුන්ට තේ අරන් දුන්නේ තමන් බවද අඟවමිනි.
ඒ විතරක්ම නොවේ ගෙවා ඉතුරු වූ මුදල ද ඔහු සාක්කුවේ දමාගෙන යන්නේ හීන් සීරුවටය.
2025 ඔක්තෝබර් මස 08
1360
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1266
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
461
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සිසුන්ගෙන් පිනට තේ බී ඉතුරු සල්ලිත් සාක්කුවේ දාගෙන
pakeer Friday, 20 January 2023 11:50 AM
කාලකන්නි හිඟන්නෝ .හිඟා කනවා මදිවට හොරකමුත් කරනවා .මුන් මිනිස්සු නෙමෙයි
podiekaa Friday, 20 January 2023 01:35 PM
පීචං ගුරුවරු හදන්නෙත් පීචං සමාජයක්. හම්බකරන සල්ලි වලින් හෙරොයින් ගංජා ගහන කෙනෙක් වෙන්නත් පුළුවන්.
sampath Wednesday, 25 January 2023 06:34 PM
මේ වගේ මිනිස්සු මොනවා නොකරනවා ඇතිද .ප්ලේන්ටියකට මෙහෙම නම්