IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සැමියාට වැඩිය ත්‍රිරෝදය ලොකු වෙලා

සැමියා රිය අනතුරකට පත්වෙන අවස්ථාවේදී විවාහක බිරිය සැමියාගේ රෝගී තත්ත්වය ගැන විමසීම පසෙක තබා ඇය මිලදී ගත් වාහනය බදාගෙන හඬා වැටුණු පුවතක් යාපහුව අවටින් අසන්නට ලැබුණි.
ඔහු මවුපිය සෙනෙහස අහිමි වූ  දරුවෙකි. නමුත් ඔහු කිරි අම්මා රැක බලා ගත්තාය. පුංචි නිවහනක දෙදෙනා කාලය ගත කළහ. ඔහු ජීවත් කරවන්නට කිරි අම්මා අපා දුක් වින්දාය.
කාලය ටිකෙන් ටික ගත වෙද්දී තරුණ වියට පත් ඔහු තනි කැමැත්තට සහකාරියකගේ අත ගත්තේය.
එම විවාහයට කිරි අම්මා දැඩි සේ විරුද්ධ වුවත් මුණුපුරාගේ කැමැත්තට අනුව  ඇයට එම පුංචි නිවහනේ වාසය කරන්නට ඉඩ ලැබුණේය.
දෙදෙනා සතුටින් කාලය ගත කළත් පසු කාලීනව මතු වූ ආර්ථික අගහිඟකම් හමුවේ ඇයට සැමියා නිවසේ තබා විදෙස් ගතවීමට සිදු විය. ඒ ගෘහ සේවිකා රැකියාවකට යාම සඳහාය. ඇය එහි ගොස් වසර කිහිපයක් රැඳී මෙරටට පැමිණියාය. ඇය රැස්කළ මුදලෙන්  ත්‍රිරෝද රථයක් මිලදී ගත්තාය.


ඒ වැසි කාල වකවානුවකි. දැදුරු ඔය ජලාශයේ දොරවල් විවෘත කර තිබුණි. දෝරේ ගලා යන වතුර බලන්නට සතර දෙසින් ජනතාව එහි ළඟා වෙති. ත්‍රිරෝද රථයක් තිබෙන නිසා එහි අසිරිය බලන්නට යාමට ඔවුනවද අවැසි විය. යාමට සිටින පිරිස වැඩිය. මේ නිසා ගමනට යාබද නිවසක ත්‍රිරෝද රථයක් ද  එක් වුණි.
අලුත ගත් ත්‍රිරෝද රථයට එහි අයිතිකාරිය හා ඇයගේ සැමියා හා සැමියාගේ ඥාති සහෝදරියක ගොඩ වෙන අතරේ ආගන්තුක ත්‍රිරෝද රථයට යාබද නිවසක අය කැටුව රථ දෙකම ගමනට පිටත් විය. අලුත ගත් ත්‍රිරෝද රථයේ හිමිකාරියගේ සැමියා එය පදවන්නේය.
නුහුරු නුපුරුදු අතුරු මාවත් අතරින් දැදුරු ඔය ජලාශය සීමාව පෙනි පෙනී එම රථය මාවතෙන් ඉවතට පැන කරණම් ගසා පෙරලුණි. ත්‍රිරෝදයේ ඉදිරිපස වීදුරුව ගැලවී ඉවතට විසි වුණි. එය පැදවූ රියැදුරා වූ සැමියා අසුනේ හිර වී සිටියේය. ඔහුට සිහියක් නැත.
එහි  සිටි සහෝදරියක තම සහෝදරයා බදාගෙන “අනේ මල්ලී මල්ලී ” කියා විලාප නැගුවාය. ඒ ශබ්දය ඇසී අවට අයත්  එහි පැමිණ ඔහු බේරා ගැනීමට කටයුතු කරනා අතරේ වාහනය මිලදී ගත් ඔහුගේ විවාහක බිරිය සැමියාගේ අසනීපය ගැන සොයා බැලීම පසෙක තබා අනතුරට පත් රථය බදාගෙන“ අනේ මගේ වීල් එක ”යනුවෙන් කෑ ගැසුවාය.
එය දුටු පිරිස් ඇයට දොස් නගනා විට කඳුළු පිසදා ගත් ඇය නැති සෙනෙහසක් පා සැමියා රෝහල් ගත කිරීමට ගෙන ගිය බවත්, එම සිද්ධිය ඇසූ දුටු ගම්වාසීන් දැන් ඔච්චමට මෙන් ඇයට “අනේ මගේ වීල් එක” යනුවෙන් විහිඵ තහළු කිරීමේදි රතු කට්ට පනිනා ඇය ඔවුන්ට තිත්ත කුණු හරුපයෙන් බැන වදින බවටත් තොරතුරු අනාවරණය වෙයි.

 මොරගොල්ලාගම සිසිර කැලේගම



අදහස් (0)

සැමියාට වැඩිය ත්‍රිරෝදය ලොකු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 130 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site