මීරිගම විශේෂ කුමාර මල්ලවආරච්චි
ජාති කුලමල ආගම් ගැළපෙන අයුරින් තමන්ට තෝරන සහකාරිය සම්බන්ධයෙන් අමුතුම ආකාරයක සුදුසුකමක් ඉල්ලූ බවට පැවසූ තරුණ මනාලයකු පිළිබඳ පුවතක් සියනෑවට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
ඉහළ තනතුරක් දරන තරුණ පුත්‍රයා වෙනුවෙන් මනාලියක සෙවීමේ කටයුත්ත පියා පැවරුවේ කපු මහතකුටය. තමන් බලාපොරොත්තු වන ලේලියගේ තිබිය යුතු සුදුසුකම් සම්බන්ධයෙන් පියා කපු මහතා දැනුවත් කරමින් සිටිය දී තරුණ පුත්‍රයා ද ඊට මැදිහත් වූයේ ය.
කපු මහතා ඇමැතූ තරුණ පුත්‍රයා ප්‍රකාශ කළේ කපු මහත්තයා තාත්තා කියපු කරුණු කාරණා ටික හරියට බලන්න. ඒ වගේම මට හොයන සහකාරිය කොරෝනා එන්නත් ගත්තෙ නැති කෙනෙක් වෙන්නත් ඕනෑ. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙලා සොයා බලන්න. පුත්‍රයා කපු මහතාගෙන් ඉල්ලා සිටිය දී පියා පුදුමයට පත්වූයේය.
ඇයි පුතා එහෙම පියා පුතුගෙන් විමසුවේ ය. තාත්තෙ අද කාලේ ඒක මට ඉතාම වැදගත් සුදුසුකමක් වෙනවා. ඒකයි මම එහෙම කිව්වේ පුත්‍රයා කපු මහතා ඉදිරියේම පියාට පැවසීය.
තමන්ගේ වසර ගණනාවක් පැරණි කපු ඉතිහාසයේ මෙවැනි කොන්දේසියක් දැමූ පළමු අවස්ථාව බැවින් බුදුන් සමයේ කිසිවකු නොමැති නිවසින් අබ මිටක් ගෙනෙන්න කිව්වා සේ මේ කපු මහතා මනාලියන්ගේ නිවෙස්වලට යමින් කොරෝනා එන්නත් ලබා ගෙන ඇත්දැයි විමසීමට ක්‍රියා කරන බව දැනගන්නට ලැබිණි.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සහකාරියගේ අමුතු සුදුසුකමක් ඉල්ලලා