මොරගොල්ලාගම සිසිර කැලේගම
වැලැන්ටයින් දා මල් කලඹක් දී අනියම් පෙම්වතිය හමුවී පෙම් සුව විදින්නට ගිය විදුහල්පතිවරයකුට ගම්වාසීන් එක්ව පහර දුන් බවට තොරතුරක් වයඹ පළාතෙන් වාර්තා වෙයි.
විවාහක විදුහල්පතිවරයා තම නිවසේ සිට අනියම් කතගේ නිවසට මල් කලඹක්ද රැගෙන විත් සිටියදී ගම්වාසීන් එක්ව විදුහල්පතිවරයාට පහර දී ඇතැයිද දැන ගන්නට ඇත.
මෙම විදුහල්පතිවරයා හා පාසලේ කැන්ටිම පවත්වාගෙන යන කාන්තාවක අතරේ අනියම් සම්බන්ධතාවක් කලක සිට පැවත එන බව පාසලේ පමණක් නොව වට පිටාවටද රහසක් නොවී ඇත.
මෙම සිද්ධිය පළාතේ කොයි කාටත් ආරංචි වූයේ ළැව් ගින්නක් මෙනි.
විදුහල්පතිවරයාගේ මෙම නාඩගම නිසා පාසලට කැළලක් වෙයි හිතලා විදුහල්පති ගැන තීරණයක් ගන්න යනවලු.
මේ ගැන ඉහළට දැනුම් දීමෙන් පසු, සිද්ධිය ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්නට අදාළ අංශ නැවතත් දැනුවත් කර ඇතැයිද විදුහල්පතිටත් ආරංචි වෙලාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනය පියවර ගැනීම වෙනම කතාවක්! එහෙම හිතෙන හිතෙන විදියම මිනිස්සුන්ට තඩි බාන්න අයිතිය තියන නගරය මොකක්ද?