IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විහිළුව කැරකී අම්බානට ගුටි කාලා

කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම



අප්‍රේල් පළවැනිදා යාළුවව රවටන්න හැදූ මිතුරකු අමාරුවේ වැටුණු අපූරු පුවතක් බස්නාහිර පළාතේ එක්තරා කාර්යාලයකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය, 
ඔහු විහිළු තහළුවෙන් ජීවත් වන පුද්ගලයකි. නිතරම විහිළුවෙන් සිටින ඔහු කාර්යාලය තුළ ජනප්‍රිය චරිතයකි. ඇස් රතු වන විහිළුද ඔහු ඇතැම් විට සිදු කරන බැවින් ඔහු පිළිබඳව ඇතැම් අය විමසිල්ලෙන් සිටිති. 
හිතේ කිසි දෙයක් නැති වුණත් ඔහු තරුණියන් සමගද නිතරම විහිළු කරයි. එහෙත් ඔහු විවාහ වී සිටින බිරිය ඔහුගේ මෙම විහිළු පිළිබඳව අමනාපයෙන් පසු වන්නේ විශේෂයෙන් කාන්තාවන් සමග විහිළු කරන බැවිනි.
ඔහු තරුණියන් සමග සම්බන්ධතා පවත්වන බවට ඇයට සැක සිතී රණ්ඩු වූ අවස්ථාද බොහෝය. කෙසේ වෙතත් ඇය ඔහුගේ හොරයක් අහුවෙන තුරු බලා සිට ඇත්තේ හොඳ පාඩමක් කියා දීමට සිතාගෙනය.


 ඔහු මිතුරෙකුට විහිළුවක් කිරීම සඳහා අප්‍රේල් පළවැනිදා කාර්යාලයට ගොස් ඇත්තේ කාන්තා යට ඇඳුමක් රැගෙනය. උදෑසන වට පිට බලා ළඟම මිතුරෙකුගේ බෑගයකට එම කාන්තා යට ඇඳුම දමා හිමිහිට එතනින් මාරු වී ඇත. මොහු පිළිබඳව හොඳින් දන්නා මිතුරා වහා සිය බෑගය පරීක්ෂා කර තම බෑගයේ තිබූ කාන්තා යට ඇඳුම ඔහුගේ බෑගයට දමා තිබේ.  
පසුව හවස වැඩ ඇරී නිවසට ගිය ඔහු බෑගය පරීක්ෂා කර ඇත්තේ අප්‍රේල් පළවැනිදා බැවිනුත් තමන්ටද යාළුවෙක් විහිළුවක් කර ඇද්දැයි බැලීමටය. දුටු දෙයින් දෙවියන් සිහි වූ ඔහු තමා යාළුවට දැමූ යට ඇඳුම තමන්ට ආවේ කෙසේ දැයි කල්පනා කළේය. මෙලෙස යට ඇඳුම අතේ තබාගෙන කල්පනා කරමින් සිටින විට ඔහුගේ බිරිය ඔහු අසලට පැමිණ ඇත්තේ නිවස අතු ගාමින් සිටින ගමන් කොස්සද රැගෙනය. 
බිරිය දැක කලබලයට පත් වූ ඔහු වහා යට ඇඳුම පිටුපසට කර සඟවාගෙන ඇත්තේ දෙවියන් සිහිව හීන් දහඩිය දමන අතරය. සැමියා යමක් සඟවනු දුටු ඇය ඔහු සමග පොර බදා යට ඇඳුම ගෙන පරීක්ෂා කර එය තමන්ගේ එකක් නොවන බව  දැනගෙන තිබේ. යක්ෂයා ආරූඪ වූ බිරිය වේගයෙන් කොස්ස කැඩෙන තුරු ඔහුට පහර දී ඇත්තේ ඔහුගේ හොර අල්ලා ගත් බව පවසමිනි. 
මිතුරා ඔහු අමතා ඇත්තේ තත්ත්වය විමසීමටය. එවිට ඔහු පවසා ඇත්තේ ‘‘අවුලක් නැහැ මචන් තාම එක කනක් ඇහෙන්නේ නැහැ”‍ කියාය.  



අදහස් (0)

විහිළුව කැරකී අම්බානට ගුටි කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 83 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 880 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site