මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සඳහා නීති ක්ෂේත්‍රයට අදාළ පිරිසක් සංවිධානය කළ වැඩසටහනකින් අනතුරුව එය වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදනියකට මත්පැන් බෝතලයක් තෑගි වශයෙන් පිරිනැමීමේ සිද්ධියක් කොළඹට නුදුරු පාසලකින් වාර්තාවේ.
වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය. අදාළ පාසල කොළඹට නුදුරු මහාමාත්‍යාදීන් ගේ නම බබළවන ප්‍රධාන ජාතික පාසලකි. එම පාසලේ එකොළහ වසරේ ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් මෙම මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දේශනය සංවිධානය කර ඇත.
නීති ක්ෂේත්‍රයට සම්බන්ධ කණ්ඩායමක් ඔවුන් විසින් පිහිටුවාගත් සංගමයක නාමයෙන් ඉදිරියෙහි පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු සමාජයට පිවිසෙන දරු දැරියන්ට මෙම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සංවිධානය කර තිබුණි. මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන ජීවිත හානි, මත්ද්‍රව්‍ය ලබා ගැනීමෙන් සිදුවන ගැටලුකාරී තත්වයන් ඇතුළු පවුල් සංස්ථාවේ බිඳ වැටීම් පිළිබඳව මෙම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනින් දරුවන් දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
අදාළ මත් නිවාරණ වැඩසටහන සිදුකිරීම පිළිබඳව ජනමාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා එම අවස්ථාවට සංවිධායකයන් විසින් ජනමාධ්‍ය වේදිනියකට ද ආරාධනා කර තිබුණේ එම පාසලේම ඉගෙනුම ලබන දරුවකුගේ ඥාති සම්බන්ධතාවයකිනි.
පැය දෙකකට ආසන්න කාලයක් පැවති මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ වැඩසටහන අවසන් වීමෙන් පසු එය වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදිනීය නැවත යාමට සැරසුණු අවස්ථාවේදී එහි සංවිධායකයන් විසින් ඇය අත පාර්සලයක් තබා එම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සහභාගි වීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කර ඒ සඳහා පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලෙසද ඉල්ලීමක් කර තිබුණි.
ඒ අනුව පාසලෙන් පිටත් වූ මාධ්‍යවේදිනිය නිවස වෙත පැමිණ ලබාදුන් පාර්සලය ලිහා බැලීමේ දී ඒ තුළ තිබී ඇත්තේ මත්පැන් බෝතලයකි.
තමන් කාන්තාවක ලෙසත් තමන් සහභාගි වූයේ මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනකට බවත් සිහිපත් වූ විට ලැබී තිබූ ත්‍යාගය පිළිබඳව ඇය හට ඇති වී ඇත්තේ දැඩි කෝපයකි.
ඒ අනුව ඇය විසින් මේ පිළිබඳව පාසල් බලධාරීන් ඇතුළු අදාළ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සහභාගී වූ බොහෝ පිරිසකට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.
කඩුවෙල - කේ. බුද්ධික කුමාරසිරි
2025 නොවැම්බර් මස 21
179
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
247
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1124
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මත් නිවාරණයට ගියාම අරක්කු බෝතලයක් තෑගී දීලා