IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මංගල තෑග්ගට රියැදුරු බලපත දීලා

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න


මිතුරාගේ විවාහ මංගල්‍යයට ගොස් හොදටම සප්පායම් වී මුදල් නෝට්ටුවක් වෙනුවට රියැදුරු බලපත්‍රය ලියුම් කවරයට බහා දී පැමිණ ඇතැයි කියන අපූරු තරුණයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 27 හැවිරිදි අවිවාහක තරුණයෙක් පදිංචිව සිටියි. මෙම තරුණයා කලක සිට කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රියැදුරු රැකියාවක් කරන්නේය. එම පෞද්ගලික ආයතනයේ පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටින තරුණයෙක් ද සේවය කරන්නේය.
මෙම පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටින තරුණයා ඉකුත් දා තරුණියක විවාහ කරගෙන නිවසට කැන්දාගෙන පැමිණ තිබුණි. මනාලිය කැන්දාගෙන පැමිණීමේ ප්‍රීතිය නිමිත්තෙන් තරුණයා ඉකුත් දා අසල්වැසි මිතුරන්ට මෙන්ම සේවය කරන කුරුණෑගල ආයතනයේ මිතුරන්ට පාටියක් දීමට දිනයක් නියම කර තම නිවසට පැමිණෙන ලෙස ආරාධනාවක් ද කළේය.


සැලසුම් කර ගත් ආකාරයට තරුණයාගේ නිවසට ඉකුත් දා සවසක ගමේ මිතුරන් කිහිප දෙනෙකු මෙන්ම කුරුණෑගල ආයතනයේ සේවය කරන මිතුරන් සමග 36 දෙනෙක් පැමිණ සිටියහ. නිවසට පැමිණ සිටි මිතුරන් පිරිස නව යුවළ විසින් පිළිගෙන මනාලයා තම මිතුරන් මනාලියට හඳුන්වා දීමක් ද සිද කළේය.
පැමිණ සිටි මිතුරන්ට මනාලයා විසින් මිදුලේ සකස් කර තිබුණු මේස මතට මත්පැන් බෝතල් ඇතුළු ඊට අවශ්‍ය ද්‍රව්‍ය ගෙනත් තැබීය. කැසට් යන්ත්‍රයෙන් ගීත කිහිපයක් ද දැමීය.
රාත්‍රි 10 පමණ වෙද්දී මත්පැන් පානය අවසන් කර පිළියෙළ කර තිබුණු කෑම සියලු‍ දෙනා බුක්ති විද පිරිස ආපසු නිවාස බලා යාමට සුදානම් වුණි.
පැමිණ සිටි බොහෝ පිරිසක් ඒ වෙන කොටත් මත්පැන්වලින් හොදටම සප්පායම් වී මනාල යුවළට සුභ පතා මුදල් ලියුම් කවරවල බහා මිතුරාට දී ආපසු රාත්‍රි 11 ට පමණ නිවසින් පිටත්ව ගියහ.
පසුව මනාල යුවළ මිදුලේ තිබුණු මේස කිහිපය අස්පස් කර කෑම කා නිදා ගැනීමට කාමරයට ගියහ. 
මනාලයා පසුව තම මිතුරන් පරිත්‍යාග කරන ලද ලියුම් කවර එකින් එක ඇද මත තබාගෙන මනාලිය සමග ලියුම් කවර දිග හැරිණ. බොහෝ පිරිසක් රුපියල් 5 000 බැගින් ලියුම් කවරවල බහා දී ඇති අයුරු දක්නට ලැබුණු අතර රියදුරු බලපත්‍රයක් ද එක් ලියුම් කවරයක බහා තිබුණු අයුරු දැක නව යුවළ පුදුමයට පත් වූහ. ‘‘සල්ලී කියලා රියදුරු බලපත්‍රය දාලා දීලා ගිහිල්ලා වෙන්න ඇති”‍ මනාලිය තරුණයා සමග කීවාය.
පසුදා උදේ රියදුරු බලපත්‍රය දී ගොස් තිබුණු කෑගල්ලේ තරුණයා දුරකතනයෙන් මනාලයාට කතා කොට ‘‘මචං මගේ රියදුරු බලපත්‍රය මුදල් පසුම්බියේ නෑ. උඹලාගේ ගෙදර මිදුලේ වැටිලා ද දන්නේ නෑ. ටිකක් බලපං තියෙනවා නම් හෙට එනකොට අරන් එන්න යැයි ඉල්ලීමක් ද කළේය.
‘‘රියදුරු බලපත්‍රය මිදුලේ වැටිලා නම් තිබුණේ නෑ මචං. ලියුම් කවරයකට දාලා රියදුරු බලපත්‍රය ඊයේ රෑ උඹ මට දීලා ගිහිල්ලා නම් තියෙනවා. 
‘‘අනේ මචං සමාවෙයන් ඊයේ රෑ මට ටිකක් වැඩි වුණා. සල්ලී කියලා තමයි රියදුරු බලපත්‍රය ලියුම් කවරයට දාලා දීලා මම ඇවිල්ලා තියෙන්නේ. උඹ හෙට වැඩට එනකොට රියදුරු බලපත්‍රය අරන් වරෙන්. මම එතකොට සල්ලී දෙන්නම් මිතුරා මනාලයාට පවසා ඇති බව වාර්තා වෙයි.

 



අදහස් (0)

මංගල තෑග්ගට රියැදුරු බලපත දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 41 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site