IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පෝලිමෙන් පිට තෙල් ගහන්න කොට්ටයක් බඩේ බැඳගෙන ඇවිත්

බිංගිරිය වික්ටර් සෝමවීර  
යතුරු පැදියකට ඉන්ධන ලබා ගැනීමට ගැබිනි මවක ලෙස පෙනී සිටිමින් පසුගිය දිනෙක බඩට කොට්ටයක් බැඳගෙන පැමිණි කාන්තාවක් පිළිබඳ පුවතක් බිංගිරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකින් වාර්තාවේ. 
 
වාහනවල ඉදිරි පසින් හා පසුපසින් සවිකර ඇති අංක තහඩුවේ අවසන් ඉලක්කමට අනුව ඉන්ධන ලබාගැනීමට පසුගිය සතියේ බිංගිරිය සමුපකාර ඉන්ධන පිරවුම් හල අසල හලාවත - කුරුණෑගල මාර්ගයේ දිගු රථ වාහන පෝලිමක් තිබුණි. 
 
මීට අමතරව යතුරුපැදි පෝලිමක් මාර්ගයේ අනෙක් පසින් වූ අතර පෝලිම නිසි පරිදි හැසිරවීම සඳහා පොලිස් නිලධාරින් කණ්ඩායමක් ද යොදවනු ලැබ සිටියහ.
 
බිංගිරිය රෝහලේ මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සේවක සේවිකාවන්ට හා ගැබිනි මවුවරුන්ට හා කුඩා දරුවන් යතුරු පැදිවල නංවාගෙන සිටින කාන්තාවන්ට පෝලිමෙන් පිට ඉන්ධන ලබාගැනීම සඳහා අවසර ලබා දී තිබුණේ ඔවුන් අපහසුතාවකට පත්වීම වැළැක්වීමේ පියවරක් වශයෙනි.
 
මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත් එක් කාන්තාවක් නිවසේ සිටි අයගේ ද උදව් උපකාර ඇතිව බඩට කොට්ටයක් තබා බැඳගෙන යතුරුපැදියක නැගී ඉන්ධන ලබාගැනීමට ඉන්ධන පිරවුම් හලට ආවාය. පෙනුමෙන් ඇය ගැබිනි මවක නිසා ඉන්දන පොම්පය අසලට යාමට පොලිසියෙන් ද අවසර ලැබුණි.
 
ඉන්ධන පිරවුම් හලෙන් නිකුත් කරන ලද ඉන්ධන ප්‍රමාණය ලබාගත් එම කාන්තාව ප්‍රධාන මාර්ගය වෙත පිවිස සිය නිවෙසට යාමට යතුරු පැදිය හැරවීමට උත්සාහ කරද්දී එක් වරම බඩෙන් කොට්ටය ගැලවී බිමට වැටුණි.
 
සිද්ධිය දුටු පොලිස් නිලධාරීහු කීප දෙනෙක් එතැනට පැමිණ මින් මතුවට මෙවැනි ක්‍රියා සිදු නොකරන ලෙස තරයේ අවවාද කොට කොට්ටය ද රැගෙන යන ලෙස දැනුම් දුන්හ. මෙයින් ලැජ්ජාවට පත්වූ කාන්තාව කොට්ටය ද අහුලාගෙන රථ වාහන මැදින් යතුරුපැදිය පණ ගන්වාගෙන ඉක්මනින්ම පිටත්ව ගියාය.



අදහස් (0)

පෝලිමෙන් පිට තෙල් ගහන්න කොට්ටයක් බඩේ බැඳගෙන ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 104 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site