IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොකට් හොරා කටින් අහුවෙලා

හොරණ අධිකරණ මහීපාල ජයලත් 


පස්දුන් කෝරළේ  එක්තරා ආයතනයක කාර්යාලයක ප්‍රධානියකු දිනපතා කාර්යාලයට පාගමනින් පැමිණෙන්නේ ශාරීරික ව්‍යායාමයට බව අඟවා අතරමග ඇති රේස් බුකියට ගොඩවැදීමට ඇති අවශ්‍යතාව මතයි. බුකියට වැදී හොඳ අශ්වයින් දෙතුන් දෙනෙකු තෝරා තුණ්ඩුවක් දෙකක් දමාගෙන නැවත පාගමනින්ම  කාර්යාලට පැමිණෙන මොහු තම නිලධාරීන් සමගත් වැඩ කරන්නේ ඉතාමත් කුළුපගව රේස් තුණ්ඩු දැමීම රහසක් කරගෙනය.
දිනක් මොහුගේ මුදල් පසුම්බිය කාර්යාලයේදී හිටිගමන් නැතිවිය. නමුත් ඔහු එය රහසක් සේ තබා ගත්තේ පසුම්බියේ රේස් තුණ්ඩු  කිහිපයක් ද නිතරම තිබෙන නිසයි. කවදාවත් නැතිව මෙහි  මුදලක් ද තිබුණේ තම බිරිඳ විසින් නිවසේ විදුලි බිල ගෙවීම සඳහා ලබා දුන් මුදල නිසයි.
දින කීපයකට පසු මෙය රහසක් නොවී තම නිලධාරීන් අතරට ගියේ ඔහුගෙන්ම  මෙම රහස හෙළිවීමෙනි. කිසි කරදරකාරී ප්‍රධානියෙකු නොවන නිසාත් තම පහළ නිලධාරීන්ට ඉතා හිතවත්ව කටයුතු කරන නිසාත් ඔවුන්ට ද  මෙය දරා ගැනීමට නොහැකි කරුණක් විය. එපමණක් නොව කාර්යාලයේ දී නැතිවීම සම්බන්ධයෙන් වීම දරාගත නොහැකි තවත්  කරුණක් විය.


දිනපතා දිවා ආහාරය වේලාවෙන් පසු කාර්යාල නිලධාරීන් සියලු‍ දෙනා තම පෞද්ගලික තොරතුරු ආදිය කතා කිරීම සිරිතක් කරගෙන තිබුණි . මෙසේ කතා කරන අතරතුර ප්‍රධානියාගේ මුදල් පසුම්බිය නැතිවීම ද මාතෘකාවක් බවට පත්විය. එහිදී එක් නිලධාරියකු කියා සිටියේ ප්‍රධානියාගේ මුදල් පසුම්බි නැති වුණාට එහි නිතරම මුදල් නැති බවත් එය නැති වුණාට ඔහුට පාඩුවක් නොවන බවත්ය . ඕන නම් මුදල් රුපියල් සීයක් පමණ පසුම්බියේ තිබෙන්නට ඇතැයිද කීවේ ප්‍රධානියාගේ  මසුරුකම ද දැනගෙනයි.
මේ අවස්ථාවේ මෙතනින් යන්න පැමිණි කාර්යාලයේ කාර්ය සහායකයාට මේ බව ඇසී සිටින තැනත් අමතක වී එකපාරටම කියවුණේ මොන සීයක්ද ඒ පොකට් එකේ රුපියල් පන්දහසේ කොළ දෙකකුයි රේස් තුණ්ඩු දෙකකුයි තිබුණා කියා සැඟවුණු රහස එළි කරමිනුයි.

 



අදහස් (0)

පොකට් හොරා කටින් අහුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site