IMG-LOGO

2024 ජුනි මස 24 වන සඳුදා


පොල්තෙල් වෙනුවට පෙට්‍රල් මාරු වී ජංජාලයක්

හෝමාගම ප්‍රියන්ත ජයලත්


අකුරැස්ස මලිද්දුව ප්‍රදේශයේ වෙ‍ළෙඳසලකින් පොල්තෙල් වෙනුවට පෙට්‍රල් මාරුකර දීමෙන් සිදුවන්නට ගිය විශාල විනාශයක් අනූනවයෙන් බේරීමේ පුවතක් අකුරැස්ස දියලපේ ප්‍රදේශයෙන් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
අකුරැස්ස ප්‍රදේශයේ නිවසක පසුගිය වෙසක් පොහොය දිනයට පසුදින නිවසේ පොල්තෙල් පහන් වැටක් දල්වන්නට පොල්තෙල් නොමැති නිසා නිවසේ භාර්යාවගේ ඉල්ලීම අනුව ස්වාමිපුරුෂයා විසින් යතුරුපැදියකින් පොල්තෙල් සමග ගෑස් සිලින්ඩරයක් ගෙන ඒම සඳහා නිවස ආසන්නයේ වෙළඳසලකට ගොස් ඇත. එම වෙළඳසලේ ගෑස් නොමැතිවීම නිසා ගෑස් සොයා වෙළඳසල් කිහිපයකට යතුරුපැදියෙන් කිලෝමීටර් 10 ක් පමණ දුරක් ගොස් ඇත. අනතුරුව එහෙත් ගෑස් සොයා ගැනීමට නොහැකි වූ නිසා නැවත නිවසට එමින් සිටිය දී අකුරැස්ස මලිද්දුව ප්‍රදේශයේ වෙළඳසලක ගෑස් සිලින්ඩර් තොගයක් තිබෙන දැක එහි ගෑස් සිලින්ඩරයක් ගැනීමේ අරමුණෙන් එම වෙළඳසලට ගොස් ඇත. 


එහි ගෑස් නොමැති බව දැනගත් ඔහු පොල්තෙල් බෝතලය මෙම වෙළඳසැලෙන් ගෙන යනවා යැයි සිතා එහි මුදලාලිගෙන් පොල්තෙල් බෝතලයක් දෙන ලෙස ඉල්ලා තමා රැගෙන ගිය හිස් බෝතලය වෙළඳසල් හිමියාට ලබා දී ඇත. වෙළඳසල් හිමියා විසින් එම බෝතලයට පොල්තෙල් පිරවීම සඳහා ඔහුගේ භාර්යාවට ලබා දී ඇති අතර ඒ අනුව ඇය එම බෝතලය වෙළඳසැල ඇතුළට ගෙන ගොස් පොල්තෙල් පැහැය ඇති ද්‍රවයක් පුරවා බෝතලය රැගෙන විත් ඔහු අතට දී තිබේ.
 ඒ අනුව ඔහු එයට මුදල් ගෙවා බෝතලය සුරැකිව යතුරුපැදියේ එල්ලාගෙන නිවසට රැගෙන ගොස් ඇත.
එදින රාත්‍රියේ ස්වාමිපුරුෂයා විසින් නිවසේ පහන්වැට දැල්වීමට සුදානම් කර ඇති අතර ඔහුගේ සිඟිති පුතු පහන්වලට තෙල් දැමීමට සුදානම් විය. එම අවස්ථාවේ ඔහුගේ බිරිය විසින් පොල්තෙල් බෝතලයෙන් ටිකක් පොඩි බෝතලයකට දමා සිඟිති පුතුට දිය යුතුයයි සිතා පොල්තෙල් බෝතලයේ මුඩිය අයින් කර ඇත. එහිදී පොල්තෙල් වලින් අමුතු දුගඳක් හමන බවට ස්වාමි පුරුෂයාට පැවසීය.
 ඒ අනුව ඔහු එම පොල්තෙල් බෝතලය ගෙන නාසයට ළංකර සුවඳ බලා ඇත. එම අවස්ථාවේ ඔහුගේ දෑස් උඩ ගියේය. ඔහුට දෙයියෝ සිහිවිය. වෙළඳසලෙන් පොල්තෙල් වෙනුවට දී ඇත්තේ පෙට්‍රල්ය. සිදුවන්නට ගිය විනාශයක් දෙයියෝ බේරුවා යයි සිතා දෙවියන්ට පින් දෙමින් නැවත පොල්තෙල් ගෙනැවිත් පහන්වැට දැල්විය.

 



අදහස් (0)

පොල්තෙල් වෙනුවට පෙට්‍රල් මාරු වී ජංජාලයක්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

නැටුම් මිස්ගෙන් අමුතු නැටුමක්
2024 ජුනි මස 20 3595 0

දකුණේ ගම්මානයක පිහිටි පෙර පාසලකි. මේ පෙර පාසලේ දරුවෝ හැත්තෑවකට ආසන්න පිරිසක් සිටිති. පාලිකාව ඉතා හොඳින් පෙර පාසල පවත්වාගෙන ගිය නිසා මවුපියන්ට ඇය කෙරෙ


හතුරාගේ කකුල කඩන්න සල්ලි අරන් මිතුරා අන්දවලා
2024 ජුනි මස 19 1059 0

හතුරාගේ පාදය හතරට කඩන ලෙසට ලබාගත් කොන්ත්‍රාත්තුව පාදය හතරට තියා එකකටවත් නොකඩා ඊට අදාළ මුදල් ලබාගත් අපූරු පුද්ගලයකු පිළිබඳව පුවතක් දකුණු පළාතේ නගරයකි


මෝදක ගුලියේ අවුල මීයාගේ පිටින් ගිහින්
2024 ජුනි මස 18 1515 0

කුස්සියේ ගෑස් ළිප ළඟ තිබූ මෝදක ගුලියක කොටසක් හේතුවෙන් නිට්ටඹුව ප්‍රදේශයේ නිවෙසක අඹු සැමි යුවළක් අතර ඇති වූ ආරාවුලක් අවසානයේදී මීයකු පිට වරද පැටවීමෙන


ගම කුලප්පු කරපු දුවගෙ බොරුවෙන් පවුලෙම සායම ගිහින්
2024 ජුනි මස 17 2142 0

සිය නිවෙස ආසන්නයේ අතුරු මාර්ගයක තරුණයකු හා රැඳී සිටි යුවතියක අසල්වැසියකු පැමිණෙනු දැක බියට පත්ව කෑ ගැසීම නිසා මුළු ගමම කුලප්පු වූ පුවතක් පිළිබඳව දකුණ


කරුවලේ අත ගෑ ගැහැනිය පිරිමියෙක් වෙලා
2024 ජුනි මස 15 1828 0

සිය වැඩට පැමිණි කාන්තාවක් යැයි සිතා පිරිමියකු බදාගෙන ලැජ්ජාවට පත් වූ මුදලාලී කෙනකු පිළිබඳව උතුරු මැද පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේ


කුඩු අල්ලන්න ගිහින් පොලිසිය ඉල්ලන් කාලා
2024 ජුනි මස 15 1000 0

මිරිස් කුඩු පැකට්ටුවකින් පොලිස් නිලධාරීන්ගේ ඉහමොළ රත් කළ අයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ. ඔහුට පොලිස් නිලධාරීන් ඇලජික්ය. පොලිස්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 149 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1427 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3201 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site